

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
අද (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් …

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වෙසක් උත්සවය අදයි
ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වෙසක් උත්සවය අද(12)ට යෙදී ඇත.මේ නිමිත්තෙන් අප රටේ සියළුම බෞද්ධ වෙහෙර විහාරස්ථාන වල විශේෂ ආගමික වැඩ සටහන් සංවිධානය කොට ඇති අතර අප රටේ සෑම ප්‍රදේශයකම පාහේ වෙසක් තොරණ පහන් කූඩු සහ දන්සල් සංවිධානය කොට ඇත.එමෙන්ම සුපුරුදු පරිදි මෙවර ද වෙසක් උත්සව …

විදුලි බල මණ්ඩල සභාපති ඉල්ලා අස් වෙයි
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.බලශක්ති අමාත්‍යංශය වෙත ලිපියක් මගින් ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා දන්වා ඇත්තේ තමා කෙටි කාලසීමාවක් සඳහා තමන් මෙම තනතුරේ වැඩභාරගත් බවය.ඒ අනුව ඔහු සිය අස්වීමේ ලිපිය පසුගිය සිකුරාදා දින විදුලිබල හා බලශක්ති …

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග මර්දනයට විශේෂ වැඩපිළිවෙලක්
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග මර්දනය හා පාලනය සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යාමේ අවධානම පිළිබඳ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස හා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විය. ඩෙංගු මෙන්ම චිකුන්ගුන්යා රෝග මර්දනය හා …

මෙවර වෙසක් සරු පාටයි
මෙවර වෙසක් උත්සවය නිමිති කරගෙන කොළඹ ඇතුළු කොළඹ ආසන්න ප්‍රදේශවල දර්ශනීය තොරණ 23 ක් සහ වෙසක් කලාප කිහිපයක් ප්‍රදර්ශනය කෙරෙන අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන අන්දමට දිවයින පුරා දන්සල් 4000 කට අධික සංඛ්‍යාවක් දැනටමත් ලියාපදිංචි වී තිබේ. .මෙය පසුගිය වෙසක් උත්සව …

සයිබර් ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිලිමත්වන ලෙස ශ්‍රී ලංකා CERTවෙතින් දැනුම්දීමක්
සයිබර් ආරක්ෂාව පිළිබඳව මෑත කාලීන ලැබෙන වාර්තා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සංවිධානවලට සයිබර් ආරක්ෂණ සුපරීක්ෂාකාරීත්වය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය පුර්ව ආරක්ෂණ පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා සර්ට් ආයතනය (CERT)දැනුම් දීමක් කර සිටියි. දකුණු ආසියානු කලාපයේ පවතින වර්තමාන තත්වයන් සැලකිල්ලට …

තොවිල් කියන්නේ ගැමියන් ගේ මෝඩ වැඩක් සේ සිතීමම මෝඩ කමක්
බලි තොවිල්, ශාන්තිකර්ම යනුවෙන් හැඳින්වෙන යාතු කර්ම ගණයට අයත් ජන සංස්කෘතිකාංග මුල් කොට එදා මෙදා තුර විවිධ සමාජ කතිකාවන් පැන නැඟී තිබේ. ඒ සම්බන්ධයෙන් මුල් වරට ප්රබලතම සංවාදාත්මක ප්‍රවේශයක් ඇති වූයේ අප රට බ්‍රිතාන්‍ය පාලනයට යටත්ව පැවැති සමයේ ය. ඒ පාලන සමය තුළ අප ජන සමාජය තුළින් බිහි වූ ඉංග්‍රීසි අධ්‍යාපනය පදනම් ව බටහිර සංස්කෘතික නැඹුරුවක් සහිත නව ඉහළ මධ්‍යම පන්තිය එවක ඉහළ සමාජමය අවශ්‍යතාවක් ව පැවැති වික්ටෝරියානු සුචරිත වාදය මුල් කොට මෙම ජන සංස්කෘතීන් දැඩිව හෙළා දුටු බවට සාක්ෂි තිබේ.කිරිඳිවැල කනිටු විදුහලේ ඇම්. ඇල් …

ජීවීන් සිටිය හැකි ග්‍රහලෝකයක් ගැන අලුත් හෝඩුවාවක්
මෙම විශ්වය තුළ ජීවීන් සිටින්නේ පෘථිවිය මත පමණක් ද? එසේ නැතහොත් මේ ආකාරයෙන් ජීවින් ජීවත් වන තවත් ග්‍රහලෝක විශ්වයෙහි තිබෙනවා ද? මිනිසුන් වැනි දියුණු බුද්ධිමත් ජීවීනුත් ඒ ග්‍රහලෝකවල සිටිනවා ද? මෙකල ලොව පුරා තාරකා විද්‍යාඥයන් මෙවැනි ප්‍රශ්නවලට මහත් උනන්දුවෙන් පිලිතුරු සොයමින් සිටින බව රහසක් නොවේ. අප වාසය කරන පෘථිවිය හැරුණු කොට ජීවීන් සිටින තවත් ග්‍රහලෝක විශ්වයෙ හි තිබෙනවාදැ යි දැන ගැනීම සඳහා නවීන තාක්ෂණය යොදා ගනිමින් ඔවුන් විවිධ මෙහෙයුම් දියත් කර තිබේ. K2- 18b ග්‍රහලෝකය පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 124 ක් දුරින් බව …

ගර්භාෂයක් නැතිව උපන් ග්‍රේස් දරුවකු බිහි කළ සැටි
ගර්භාෂය නැතිව උපදින කාන්තාවන් සිටින බව සමහර විට ඔබ නොදන්නවා ඇති. දුර්ළභ තත්වයක් වන මෙය හැඳින්වෙන්නේ මෙයර්- රොකිටන්ස්කි- කූස්ටර්- හෞසර් සින්ඩ්‍රෝමය යනුවෙනු යි. ලෝකයේ කාන්තාවන් 5,000 කගෙන් එක් අයෙකුට මෙම තත්වය තිබිය හැකි බවයි සඳහන් වන්නේ. මෙම තත්වයෙන් පීඩා විඳින කාන්තාවන්ට දරුවකු බිහි කිරීමේ හැකියාව නොමැති බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙම සින්ඩ්‍රෝමය නිසා පීඩා විඳිමින් කණස්සල්ලෙන් පසුවන කාන්තාවන්ට පිහිට විය හැකි තාක්ෂණයක් මේ වනවිට වෛද්‍ය විද්‍යාව තුළ සාර්ථකව අත්හදා බලා තිබෙනවා. එනම් ගර්භාෂ බද්ධ කිරීමේ තාක්ෂණය යි. ලෝකයේ ගර්භාෂ බද්ධ කිරීම ආරම්භ වී එතරම් …

පොල් කොට මත රඟ දැක්වුණු සමාජ නාට්‍ය
ශ්‍රී ලාංකේය නාට්‍ය ක්ෂේත්රයේ ‘සමාජ නාට්‍ය’ යනුවෙන් හැඳින්වෙන වෙනම අංගයක් තිබේ දැයි මම මීට සෑහෙන කලෙක සිට එම ක්ෂේත්රයට හා නාට්‍ය හා රංග කලාව යන විෂය පථයට සම්බන්ධ විවිධ පුද්ගලයන් වෙතින් අසා ඇත්තෙමි. එහෙත්, එවිට ඒ සෑම කෙනෙකු වෙතින්ම ලැබුණේ එකම පොදු පිළිතුරකි. එනම් “නැත” යන්න ය. ඒ අනුව එම …

අපේ බත් පතට චීනයෙන් එක් වූ දෙවන බත “ෆ්‍රයිඩ් රයිස්”
ලෝකයේ කුමන රටක අයෙකු වුවත් ‘රයිස්’ (rice) යන වදනෙන් අදහස් කරන්නේ එක් දෙයකි. ඒ සහල් ඇට තම්බා පිළියෙල කර ගන්නා ප්‍රධාන ආහාරයක් ලෙසය. නමුත් ශ්‍රී ලංකාවේ එසේ නොවේ. ශ්‍රී ලංකාවේ දී යමෙක් අවන්හලකට හෝ සාමාන්‍ය හෝටලයකට හෝ ගොස් ‘රයිස් එකක් දෙන්න’ යැයි ඇණවුම් කළහොත් ලැබෙන්නේ බත් සමග වෑංජන කිහිපයක් නොවේ …

සිතූ පැතූ සම්පත් දෙන රන් කෙවිටක් ගෙන මහ පාන්දර ගව මඩු වලට එන ගොපලු අවතාරය
අවිස්සාවේල්ල,මානියංගම, බණ්ඩාරවත්තේ පදිංචි විශ්‍රාමලත් විවාහ ලේකම් අයි.ඩී.ඒ.පී.ධනපාල මහතා සීතාවක ජනශ්රැතීන් සම්බන්ධ විශාරදත්වයකින් යුතු වියපත් ප්රභූවරයෙකි. දැනට සීතාවක ප්‍රාදේශීය පුරා විද්‍යා කාර්යාලය පවත්වාගෙන යන සීතාවක රාජසිංහ රජුගේ මාලිගා ගොඩැල්ලට යාබද ඉඩමේ පදිංචි ඔහුගෙන් මගේ ජනශ්රැති අධ්‍යයනය සඳහා ලැබුණු පිටිවහල අනල්ප ය. කැලණි නදියේ අතු ගංගාවක් වන සීතාවක නදියේ රොන් මඩ වලින් …

“වෙසක් විනෝදය” නරක දෙයක් නොවේ
මීට දශක කිහිපයක සිට සෑම වෙසක් උළෙලක් ඇරඹුමේ දීම මහ නා හිමිවරුන් ප්රමුඛ ගිහි පැවිදි විද්වත් ප්‍රජාව වෙතින් සමාජය වෙත ලබා දෙන පොදු පණිවිඩයක් තිබේ. ඒ වෙසක් උත්සවය යනු එහි මූලික තේමාවට අනුව ආධ්‍යාත්මික හා සදාචාරාත්මක අංග ප්‍රවර්ධනය කරමින් ප්‍රතිපත්ති ගරුකව සැමරිය යුතු උත්සවයක් මිස බහු විධ සංස්කෘතිකාංග ආටෝපයන් ගෙන් යුතු නිසරු විනෝදය පදනම් කර ගත් හරසුන් සැනකෙළියක් නොවිය යුතු බව ය. එමෙන්ම ඉතා පැහැදිලිව හා ප්‍රබල …

බුදුන් ගේ ශාරීරික ධාතු සමග හමු වූ මැණික් එකතුවක් ගැන විශාල ආන්දෝලනයක්
උතුරු ඉන්දියාවේ ස්ථූපයක තිබී බුදුන් ගේ ශාරීරික ධාතු අඩංගු මංජුසාවක් සමග මෙයට වසර130 කට පමණ පෙර සොයා ගනු ලැබූ මුතුමැණික් එකතුවක් පිලිබඳව මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා. ඒ මෙම මැණික් එකතුව එහි භාරකරුවන් විසින් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට සූදානම් වීමත් සමග යි. බෞද්ධ විද්වතුන් සහ ආගමික නායකයන් වැනි පාර්ශ්ව මෙම වෙන්දේසියට දැඩි විරෝධය දැක්වීමත් සමග මෙය මාධ්‍ය තුළ ද ලොකු අවධානයක් දිනා ගත් මාතෘකාවක් බවට පත් වුණා …

බිලියන 1.3 ක කතෝලිකයන්ගේ නවතම ප්‍රධාන එඬේරානෝ
වතිකානයේ සිස්ටීන් දේවස්ථානයේ දුම් කවුළුව තුළින් පසුගිය මැයි 8 වැනිදා සුදු පැහැ දුමාරය නික්ම යද්දී ලෝකයට නව පාප් වහන්සේ කෙනෙකු තෝරා ගත් බවට වූ සුබ පණිවිඩය ලැබිණි. මේ ඡන්ද විමසීමේ ප්‍රතිඵලය තුළින් ඇමරිකාවේ උපන් නමුත් ලතින් ඇමරිකානු රටවල් ඔස්සේ සිය ජීවිතයේ අක්මුල් විහිදුවාලූ 69 හැවිරිදි කාදිනල් රොබර්ට් ෆ්රාන්සිස් ප්‍රෙවොස්ට් නව පාප් වහන්සේ ලෙස තේරී පත් විය. 14 වැනි ලියෝ ලෙස සිය නාමය තෝරා ගත් උන් වහන්සේ වසර …

මෙදා”කතිරය”කීවේ මොනවා ද?- සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
මහජනතාව මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්දය භාවිතා කළේ ආණ්ඩුවටත් විපක්ෂයේ පක්ෂවලටත් බරපතල පණිවුඩයක් එකවර ලබා දෙමිනි.නමුත් මෙය කිසිදු දේශපාලන පක්ෂයක් හරි හැටි තේරුම් නැති බව ඔවුන් එකි`නෙකා සිදු කරන හානි පූර්ණ ප්‍රකාශ වලින් මනාව පැහැදිලි වේ ආණ්ඩුව උපරිම උත්සාහ ගන්නේ පළාත් පාලන මැතිවරණය තමන් ඉහළින් ජයග්‍රහණය කළ බවත් විපක්ෂය නැත්තට නැතිවුණු බවත් ජනතාව හමුවේ මවා පාන්නට ය.ඊට සාපේක්ෂව විපක්ෂය උත්සාහ ගන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුවේ “හොම්බ …

නිවැරදි ඉරියව් පවත්වා ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
අපගේ සිරුරේ නිවැරදි ඉරියව් පවත්වා ගැනීම ඉතාම වැදගත්. එසේ වැදගත් වන්නේ එදිනෙදා අප නිරත වන කාර්යයන් වල දී නිවැරදි ඉරියව් පවත්වා ගැනීම තුලින් මාංශ පේශීන්වල වේදනා ඇතිවීම, ඒවා ආතතියට පත්වීම, ඉරීයාම වැනි රෝග තත්වයන්ගෙන් වැළකීම සඳහා සිරුරේ බර සමානව සිරුර පුරා බෙදී යන සේ තබා ගැනීමට හැකිවන නිසයි. තවද වයසට යාමේදී පිටකොන්ද කුදු ගැසීම, බෙල්ලේ සහ උරහිස්වල වේදනා ඇතිවීම වැනි …

තිර කාලය (Screen Time) වැඩි වීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
මෙය වර්තමානයේ බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් වගේම බොහෝ දෙනා මුහුණ පා සිටින ගැටළුවක්. මේ ගැන වැඩි දුර කතා කරන්නට ප්‍රථමයෙන් මේ තිර කාලය (screen time) යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි විමසා බලමු. මෙයින් අදහස් කරන්නේ යම් පුද්ගලයකු පරිඝනක, ජංගම දුරකථන, ටැබ් හෝ රූපවාහිනිය වැනි ඉලෙක්ට්‍රොනික උපකරණවල තිරය දෙස බලාගෙන සිටින සම්පූර්ණ කාලයයි. එම බලා ඉඳීමේ කාලය තුල ඔවුන් පරිඝනක හා …

ඩෙංගු මෙන්ම මෙකල බහුල චිකුන්ගුන්යා ගැනයි මේ – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
මේ දිනවල බහුලව අසන්නට ලැබෙන රෝග අතර චිකුන්ගුන්යා ද විශේෂ ය. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මෙය සුලබ ව පැතිරෙමින් පවතී. ඕනෑම පුද්ගලයකුට, ඕනෑම මොහොතක වැළඳිය හැකි රෝගයක් නිසා චිකුන්ගුන්යා පිළිබඳව කලින් දැනගෙන සිටීම වඩාත් නුවණට හුරුවේ. සෙම්ප්‍රතිශ්‍යාවක්, සෙමක්, උගුරේ අමාරුවක් වැනි කිසිදු මූලික ලක්ෂණයක් නොමැතිව මෙය උණ රෝගයක් ලෙස හටගත හැකිය. මෙහි ප්‍රධාන වශයෙන්ම දක්නට ලැබෙන රෝග ලක්ෂණ නම් ඇඟපත සහ සියලුම හන්දිවල දැඩි වේදනාවක් හට ගැනීම, හන්දි ඉදිමීම ආදිය යි. මෙම රෝගයේදී හට ගන්නා …

මී මැසි පාලක කවියා දුටු “අවුරුද්දට පසු දා”
මී මැස්සා යන වදන සමඟම අපේ සිත් තුළ මැවෙන්නේ රසය මැවීම පිළිබඳ සංකල්පයක්. නමුත් අද අපි කතා කරන්නේ වෘත්තීය මීමැසි පාලකයකු ගේ කවි රස මැවීමක් පිළිබඳව. ඔහු තිස්ස බණ්ඩාර තඹවිට …

මිනිසුන් සුනඛයන් ගැන දන්නා තරමට වඩා සුනඛයෝ මිනිස්සු ගැන දනිති
“ජාතියක ශ්‍රේෂ්ඨත්වය සහ සදාචාරාත්මක ප්‍රගතිය එහි සතුනට සළකන ආකාරය අනුව නිශ්චය කළ හැක” මෙය එදා මෙදා තුර බිහි වූ ශ්‍රේෂ්ඨතම භාරතීය පුත්‍රයකු වන මහත්මා ගාන්ධි කළ ඓතිහාසික ප්‍රකාශයකි.එහෙත්, එම තත්වය වර්තමාන ශ්‍රී ලාංකේය සමාජයට කෙසේ ආදේශ වන්නේ ද යත් සතුන්ට සැලකීම සම්බන්ධයෙන් එදිනෙදා අසන්නට ලැබෙන ඛේදනීය පුවත් වලින් මනාව තහවුරු වේ.එදා මෙදා තුර අප රටේ …
.
Ath Piliru Sewane Namal Wijesinghe & Lasantha Abeypala

විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?
විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

දෙමලිය – වන්දම අලි නිජබිම හා අලි මංකඩ බුත්තල ප්‍රාදේශීය ලේකම් සමාගම්වලට බදු දෙයි
මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ව්‍යාප්තව ඇති අලි – ඇතුන් ගේ නිජබිම වන දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරයට අයත් රහතන්ගම …

සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා …

ගෝලීය වේදිකාව මත චීන සංස්කෘතිය දිග හැරීමේ සිනමා වෑයම හරියන පාටයි
අධ්යක්ෂ ඩව් ස චීන ජාතික චිත්‍රපට අධ්යක්ෂවරයකු වන ඩව් ස (යැං යු) විසින් නිර්මාණය කරන ලද, 2025 ජනවාරි 29 වැනිදා ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළ Ne Zha 2 සජීවීකරණ චිත්‍රපටය ඉහළතම …

රෑට රෑට ගොස් වෙසක් බැලීමේ අතීත කතාව
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරලයේ ගැමියන් වන අප කුඩා කාලයේ වෙසක් සමයේ අත් විඳි අතිශය සුමධුර අත්දැකීමක් තිබිණ. එනම් “වෙසක් බලන්නට” යාම ය. වෙසක් පෝ දිනයේ සිට පුරා සතියක පමණ කාලයක් තුළ එළඹෙන සෑම සැන්දෑවකම නිවෙස් වලින් පිටමං වන කොලු කුරුට්ටන් ඇතුළු සෑම තරාතිරමක හා වයස් කාණ්ඩයකම පිරිස් වෙහෙර විහාරස්ථාන …

මොනවට ද? මේ “ජවුසන් නටනවා”කියන්නෙ
කිසිදු වැදගත් කමක් නොමැති සමාජය උපහාසාත්මක තුළ සිනා උපදවන ක්‍රියාවන් හැඳින්වීම පිණිස යෙදෙන පොදු ජන වහරක් තිබේ. එම වදන ජවුසම, ජවුසන් නටනවා ආදී වශයෙන් අවස්ථානෝචිතව එම වදන වෙනස් වන අතර ඒවාට සම්බන්ධ පුද්ගලයන් ජවුසන් කාරයන් ලෙස ද හැඳින්වීම බොහෝ විට දක්නට ලැබේ. ඒ අතර අවිනීත ඇඳුම් විලාසිතා සහ චර්යාවන් සහිත …

හිටපු අගමැති ඩඩ්ලි සේනානායක දැදිගම ආසනයේ නිවසකම යළි ඉපදිලා ?
කිසියම් පුද්ගලයෙකු මෝහනයට පත් කොට ඒ තැනැත්තාගේ ඉහත ආත්මය දැනගත හැකිය යන විශ්වාසයක් අනූව දශකයේ අගභාගයේ ජන සමාජය පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබිණි. ඊට හේතුව එවක රූපවාහිනී නාලිකාවල බෞද්ධ වැඩ සටහන් මඟින් මෝහන පුනරුප්පත්ති වැඩසටහන්වලට ලබා දී තිබූ අසීමාන්තික ජනප්‍රිය භාවයයි. කිසිදු සම්මත වෘත්තීය භාවයක් නොමැති වුව ද මෝහන වෛද්‍යවරුන්, …

රන් බඩු එහා මෙහා කරන කැම පිළුණු කරන පෙරේතයා
තම නිවසට ප්‍රේත දෝෂයක් එල්ල වී ඇතැයි බියට පත්ව සිටින කඩවතට ආසන්න ස්වර්ණාභරණ කර්මාන්තය හා ප්‍රසිද්ධ ප්‍රදේශයක ව්‍යාපාරික පවුලක් ගැන මීට වසරකට පමණ පෙර මට අසන්නට ලැබුණි.ඒ එම පවුලේ හිතවතකු ගෙනි.එම පවුල පත්ව හිඳින තත්ත්වය විමසා බලා ඔවුන්ට යම් උපකාරයක් කළ හැකි නම් එය මහත් අස්වැසිල්ලක් විය හැකි බව ද …