අගමැතිගේ ඉල්ලා අස්වීම ගැසට් කෙරේ;අරලිය ගහ මැදුර හැර යන්නැයි බල කිරීම්

මහින්ද රාජපක්ෂ මහතා අගමැති පදවියෙන් ඉල්ලා අස් වූ බව සඳහන් ගැසට් පත්‍රය ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ගේ අත්සනින් යුතුව ඊයේ(09) පස්වරුවේ නිකුත් වී තිබේ.ඒ සමඟම රාජපක්ෂ මහතාට අරලිය ගහ මන්දිරයෙන් ඉවත් වන ලෙස බල කරමින් නිර්පාක්ෂික අරගල කරුවන් ඊයේ රාත්‍රියේම අරලිය ගහ මන්දිර පරිශ්‍රයට බලහත්කාරයෙන් පිවිසීමට උත්සාහ දරා ඇති අතර ඔවුන් විසුරුවා හැරීම පිණිස කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට පොලීසියට සිදු වී තිබේ. මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති වරයා වෙත යැවීමට ආසන්නතම හේතුව ඔහුට හිතවත් දේශපාලනඥයන් කිහිප දෙනකු ලවා ඊයේ පෙරවරුවේ අරලිය ගහ මන්දිරයට ගෙන්වා ගන්නා ලද කණ්ඩායම් විසින් අරලිය ගහ මන්දිරය සහ ගාලු මුවදොර පිටියේ ආණ්ඩුවට එරෙහි සාමකාමී උද්ඝෝෂණ පවත්වන්නවුන් හට බරපතල ප්‍රහාර එල්ල කිරීමය.එය රාජපක්ෂ මහතා විසින් තම විරුද්ධ කරුවන් පලවා හැර තව දුරටත් බලයේ රැඳී සිටීමට දරන ලද අසාර්ථක උත්සාහයක් බව ද බොහෝ දෙනෙක් කියති.ඒ අනුව අද හෝ හෙට හිටපු අගමැති රාජපක්ෂ මහතා අරලිය ගහ මන්දිරය යා යුතුම යැයි නිර්පාක්ෂික අරගල කරුවෝ කියති.

කාලීන පුවත්