අගමැති ඇතුළු කැබිනට්ටුව ඉවත් වී සර්ව පාක්ෂික රජයකට ඉඩ දිය යුතුයි ඩලස් ජනපතිට ලියයි

නොනවතින අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අඳෝනානවට සංවේදී වෙමින්, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වී සර්වපාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවට අවස්ථාව දිය යුතු යැයි හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර ඇත.අලහප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කරනුයේ එසේ නොකර දාදු බලයෙන් හෝ බාහු බලයෙන් බලයේ රැඳී සිටීමේ නග්න අපේක්ෂාවෙන් සිදු කරන මන්ත්‍රීන් වෙන්දේසි කිරීමේ කෛරාටික දේශපාලන උපක්‍රම මඟින් සිදුවන්නේ අර්බුදයේ ගැඹුර සහ පරිමාව පුළුල්වීම පමණක් බව ය.

කාලීන පුවත්