අගමැති ඉල්ලා අස්වෙන කතාව බොරුවක්

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ප‍්‍රචාරය වන පුවත අසත්‍ය බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.අද(04) පැවැතිආණ්ඩු පක්ෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කීය.ඒ අතර රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා හෙට හෝ අනිද්දා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.එහෙත්,ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග පවසනුයේ තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අගමැති වරයා වරින් වර සිය මතය වෙනස් කිරීම හේතුවෙන් ආණ්ඩුවේ පාර්ශවයන්ට ද ඒ සම්බන්ධ පරස්පර විරෝධී ප්‍රකාශ නිකුත් කිරීමට සිදු වී ඇති බවකි.එමෙන්ම අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මැයි දින රැලියේ දී ප්‍රකාශ කොට සිටියේ ද ඒ රැලියට එක් ව සිටින ජනතාව අනුව වුව රජය ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් පෙන්නුම් නොකරන බවය.

කාලීන පුවත්