අගමැති වරයා ධුරයෙන් ඉවත් නොවුණහොත් විපක්ෂ විශ්වාසභංගයට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සහාය

ජනතා මතයට කන් දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වී නව අගමැති වරයකු යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් ,විපක්ෂයෙන් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට සහාය දීමට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හතළිස් දෙනාගේ කණ්ඩායමේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වෙයි..ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ඒ සම්බන්ධයෙන් ජාතික සමගි ජන බලවේගය සමග ද සාර්ථක සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතැයි ද දැනගන්නට ඇත.විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළහොත් ,අලුතින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සැලැස්ම කුමක්ද? යන්න පිළිබඳව ද ස්වාධීන,මන්ත්‍රී කණ්ඩායම මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ද වාර්තා වෙයි.එම යෝජිත අන්තර් කාලීන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ වලට අයත් විසි දෙනකුට අඩු විය යුතු බවට ද යෝජනා වී ඇත අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉවත්වී,නව අගමැතිවරයකු යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන ලෙස මෙම කණ්ඩායම රජයෙන් දිගින් දිගටම ඉල්ලා සිටි නමුත්,මහින්ද රාජපක්ෂ මහතාගෙන් සහ ඔහුට හිතවත් මන්ත්‍රී කණ්ඩායමෙන් මේ දක්වා යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.

කාලීන පුවත්