මහවැලි එච් කලාපයට අයත් ඉපලෝගම අස්වැද්දුම ශාන්ත බණ්ඩාර නම් ගොවි මහතකු තමන් විසින් මෙවර යල කන්නයේ වගා කළ දේශීය වී සුවඳැල් වී ගොයම අක්කර කාලක කොටසක් තිරප්පනේ, පුදුක්කුලම වැව් පිටියේ රෝගීව ප්‍රතිකාර ලබන අග්බෝ හස්තියාට ලබා දීම ඊයේ (04) පස්වරුවේ සිදු කරන ලදී. දඩයක්කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් ඉදිරිපස වම් පාදයට බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින අග්බෝ ඇතාගේ පෝෂණය සඳහා සුවඳැල් බෙහෙවින් උපකාරී වනු ඇතැයි ඔව්හු පවසති.පසුගිය ජුනි මස 12 වැනිදා සිට ආරම්භ කළ ප්‍රතිකාර කටයුතු වන ජීවී වෛද්‍ය අධ්යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා ගේ අධීක්ෂණය යටතේ මේ දක්වා අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදු කරනු ලබයි. අවස්ථා කීපයක දී විශේෂ පශු වෛද්‍ය කණ්ඩායම් කීපයක් ද ඊට සහාය වී තිබේ.වන ජීවි අඩවි අඩවි සහකාර බිමල් හේරත් මහතා ඇතුළු තිරප්පනේ වනජීවි කාර්යාලයේ නිලධාරීන් සහ කාර්ය කාර්යමණ්ඩලයේ ද පූර්ණ කැපවීම මත අග්බෝ ඇතා මේ වන විට තරමක් සුවය ලබමින් සිටියි.