අඩු ආදායම්ලාභී පවුල්වලට එළුවන් 70,000ක්

අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමේ අරමුණින් වසර පහක් තුළ එළුවන් 70,000ක් එම පවුල් වෙත එළුවන් බෙදාදීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ආරම්භ කර තිබේ.එම වැඩසටහන, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ සහභාගිත්වයෙන් අද(09) රන්න වාඩිගල ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණ.මෙහි දී එක් පවුලකට එළුවන් තිදෙනෙකු බැගින් හිමි වන අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මාන 07 සඳහා එක් ගමකින් පවුල් 10ක් බැගින් තෝරාගෙන එළුවන් බෙදා දීම සිදුකෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

කාලීන පුවත්