ඉදිරි පැය 24ක කාලය තුළ අත්තනගලු ඔය දෙපස ගංවතුර තත්ත්වයක්

ඉදිරි පැය 24ක කාලය තුළ අත්තනගලු ඔය ආශ්‍රිත පහත්බිම් ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුවේ මේ බව සඳහන් කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අත්තනගලු ඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට මේ වනවිට මිලිමීටර් 100කට වැඩි සැළකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

ඒ අනුව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.

කාලීන පුවත්