අත් අඩංගුවට ගන්න යන විට කතරගම මහ කපුවාත් චූටි කපුවාත් ගෙවල් වල නැතිලු

කතරගම මහා දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු රාළ වන සොමිපාල ටී රත්නායක හා එම දේවාලයේ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ ඔහු ගේ මුනුපුරකු වන සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුවා යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීමට ගියද ඔවුන් ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ ගිය බවත් පැමිණි පසු ඒ බව මෙසේ පොලීසියෙන් පැමිණි වග දැනුම් දෙන බවත් නිවැසියන් පැවසීම නිසා එහි ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට හිස් අතින් පැමිණීමට සිදු වී තිබේ.එලෙස ආපසු හැරී ඒමට සිදු වී ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකකය බාර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් පි පි ජේ නිශාන්ත මහතා ඇතුළු කණ්ඩායමකට ය.ඉන්දියාවේදී අභිරහස් ලෙස මියගිය බව කියන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තා ගේ බිරිඳවන අබේසිංහගේ නිසංසලා නමැත්තිය සිය පුතුගේ අපල දුරු වීම සඳහා ඔහුගේ නම කොටා ,අංගොඩ ලොක්කාගේ වයසට සරිලන ලෙස පවුම් 38 ක බරකින් යුත් රන් තැටියක් සාදා 2019 ජූලි මස 3 වෙනි දින කතරගම මහා දේවාලය වෙත පූජා කර තිබිණි.නමුදු පසුව එය අස්ථානගත වීම සම්බන්ධයෙන් සිදු කළ පොලිස් පරීක්ෂණ වලින් පසුව මෙම කපුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට නියමිතව තිබිණ.

කාලීන පුවත්