අදත් පැය තුන හමාරක විදුලි කප්පාදුවක්

අදත් (04) පැය 03යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කොට තිබේ.ප්‍රධාන කලාප දෙකක් යටතේ පෙරවරු 09.00 සිට රාත්‍රී 09.30 දක්වා විදුලි කප්පාදුව සිදුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.ඒ අනුව ඒ සිට එල් වශයෙන් නම් කොට ඇති කලාප සඳහා පෙරවරු 09.00 සිට පස්වරු 05.30 දක්වා පැය 02ක කාලයක් සහ පස්වරු 05.00 සිට රාත්‍රී 09.30 දක්වා පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන අතර පී සිට ඩබ්ලිව් වශයෙන් නම් කොට ඇති කලාප සඳහා ද පෙරවරු 09.00 සිට පස්වරු 05.30 දක්වා පැය 02ක කාලයක් සහ පස්වරු 05.00 සිට රාත්‍රී 09.30 දක්වා පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතය.මීට අමතරව කාර්යාල සහ කර්මාන්ත බහුල කොළඹ වාණිජ කලාපය සඳහා පෙරවරු 06.00 සිට පෙරවරු 09.20 දක්වා පැය තුනක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

කාලීන පුවත්