අදත් පැය පහකට වැඩි විදුලි කප්පාදුවක්

ඒ.බී.සී වශයෙන් නම් කරන ලද කලාප සඳහා පැය 4 යි විනාඩි 40ක් වශයෙන් සහ අනෙකුත් කලාප වලට පැය 5 යි විනාඩි 15ක් වශයෙන් අද (25) දිනයේ විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව, විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී තිබේ.මේ අනුව උදෑසන 8.30 සිට රාත්‍රී රාත්‍රී 10.30 දක්වා ඒ.බී.සී කලාපයන්හි විදුලිය කප්පාදුව ක්‍රියාත්මක වන්නේ පෙරවරුවේ පැය 2ක් සහ රාත්‍රියේ පැය 2 යි විනාඩි 40ක් වශයෙනි.සෙසු කලාප සඳහා පෙරවරුවේ පැය 2යි විනාඩි 45ක් සහ රාත්‍රියේ පැය 2යි විනාඩි 30ක් විදුලිය විසන්ධි කෙරේ.

කාලීන පුවත්