අද(26) සහ හෙට දිවා කාලයේ පමණක් විදුලි කප්පාදුවක් සිදු කරන අතර රාත්රී කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.සභාපති වරයා සඳහන් කළේ ඇ,ඹ් සහ C කලාප සඳහා, පෙරවරු 8.30 සිට පසුවරු 5.30 දක්වා කාලය තුළ පැය තුනක කාලයක් විදුලි සැපයුම අත්හිටුවන අතර අනෙකුත් කලාප සඳහා දිවා කාලයේ විදුලි කප්පාදුව පැය 2 යි විනාඩි 30 කට සීමා කරන ලෙසද කොමිසම විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී ඇති බවකි.කෙසේ වෙතත් දැනට පවත්නා ඉන්ධන අර්බුදය හමුවේ ඉදිරි දිනවල විදුලි සැපයුමට තවදුරටත් බාධා එල්ල විය හැකි බව ද රත්නායක මහතා පවසයි.