අදානිගේ සුළං විදුලි බලාගාරය මහජන උපයෝගිතා කොමිසමෙන් ප්‍රතික්ෂේප වෙයි

මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර ඉදිකිරීම සඳහා ඉන්දියාවේ සීමාසහිත අදානි ග්‍රීන් එනර්ජි සමාගම වෙත අනුමැතිය ලබාදීම මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අදානි සමාගමට අදාළ ව්‍යාපෘතිය පිරිනැමීමට ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති තොරතුරු ප්‍රමාණවත් නොවන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව, අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කරමින් දැනුම් දී ඇත.

කාලීන පුවත්