මිහිඳු මා හිමියන් මිහින්තලාවට නොවැඩ රජයේ කාර්යාලයකට වැඩියේ නම් විය හැකිදේ පිළිබඳ අපූරු උපහාස ප්‍රබන්ධයක් පසුගිය පොසොන් දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුව දුටුවෙමි .මතක හැටියට කතාව මෙසේ ය.
“ඒ මිස් සිටීද?
නෑ හාමුදුරුවනේ
ඒ මිස් හැර වෙනත් මිස්ලා සිටීද?
නෑ නෑ
ඒ මිසුත් වෙනත් මිස්ලාත් හැර තවත් මිස්ලා සිටීද?,
නෑ හාමුදුරුවනේ නෑ
අවශ්‍ය කාරණය විස්තර කළ පසු;
“බුද්ධාගම ගේන්න ඕනෙ නම් ධර්මාශෝක රජ්ජුරුවන්ගෙන් ලියුමකුයි ඔබ වහන්සෙගෙ ලොකු හාමුදුරුවන්ගෙ ලියුමකුයි එක්ක ඔබ වහන්සෙගෙ බර්ත් සෙටීෆිකට් එකේ ටෲ කොපියක් හැදුනුම්පතේ ටෲකොපි දෙකකුත් එක්ක අර සී සී මිස්ට පෙන්නල ඩිරෙක්ටර්ට ලියුමක් ලියල භාරදෙන්න ඕන. ආ තව ත්‍රිපිටකේ ටෲ කොපියකුත් ඕන.ඒ ටික දීල ඔබ වහන්සෙ ආපහු ඉන්දියාවටම වඩින්න.තව අවුරුදු දෙකකින් විතර කෝල් එකක් දීල බලන්නකො.කොහොමත් ඕක ප්‍රොසෙස් වෙන්න අවුරුදු දෙකක් විතර යයි. පේනවනෙ මේ ගොඩ ගැහිල තියෙන වැඩ ගොඩ.”
මිහිඳු හාමුදුරුවන්ට මෙසේ වෙනු ඇතැයි පැවසෙන මේ රටේ ඇත්තටම වෙච්ච දෙයක් මෙසේ ය.වෙන රටක කාන්තාවකට මෙරට සැමියකුට දාව මෙරටදී ඉපදුනු දියණියක් සිය මවගේ රටේ පුරවැසිභාවය ලබා ගෙන එම රටේ සිට මෙරටට එන්නේ නිසි වීසා අවසරය ලබා ගෙන ය.පසුව ඇය මෙරටට පැමිණ දේශපාලන පක්ෂයක් හදාගෙන එහි ලේකම් වී එය ලියාපදිංචි කර ගනී ඉන්පසුව ඇය සිය උප්පැන්න සහතිකය පෙන්නා රජයේ කාර්යාලයකින් හැදුනුම්පතක් ද ලබා ගනී.හැඳුනුම්පත හා උප්පැන්නය සමග අර වීසා ගත් කන්තෝරුවට ගොස් විදේශ ගමන් බලපත්‍රයක් ද ලබා ගනී.පසුව ඇය ඒ දේශපාලන පක්ෂය උකස් තබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකටය. මන්ත්‍රී ධුරය ලබාගෙන උගස සින්න වෙන්නට ද හරියි .ඉන්පසු වෙනත් පක්ෂයකට කරනමක් ගසා පැති මාරු කර රාජ්‍ය ඇමති කමක් ද ලබාගනියි.ඉන්පසු එතැනින් නොනැවතී රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපතක් ලබා ගැනීමට අයදුම් කරයි.මේ අයදුම්පත යොමුවන්නේ ඇයට මෙරටට ඇතුලුවීමට වීසා නිකුත්කළ නිලධාරියාටය.ඇය වෙන රටක පුරවැසියෙකු බැවින් නිලධාරියා මේ ගමන් බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරයි. එහෙත් අර කාන්තාවට පිහිටවෙන බලධාරීන් මෙය නිකුත් කරන ලෙස ඇයට මෙරටට ඇතුලුවීමට වීසා නිකුත්කළ නිලධාරියාට බලපෑම් කරයි.ඒ බලපෑම ප්‍රතික්ෂේප වෙන්නේ නීතිය කැඩීමේ වගකීම එන්නේ කැඩූ එකාට මිස ඊට උල් පන්දම් දෙන එකාට නොවන බැවිනි . ඊළඟ පියවර ඇයට විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ නිලධාරියව ගෙදර යවා අලුත් කෙනෙක් ඒ පුටුවට එවීම ය. අලුතින් පැමිණි නිලධාරියා ඇයට රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්රයක්ම නිකුත් කරයි.ඉන්දීය ජාතික මිහිඳු හාමුදුරුවන්ට බුද්ධාගම ගේන්න අවසර දෙන්න අරවා මේවා ඉල්ලයි කියා සිතුවත් අපේ රාජ්‍ය සේවය විදේශ පුරවැසියන්ට ඔහොම සැලකීම් කරන බව ද සියල්ලෝම දත යුත්තෝ ය.
රාජ්‍ය සේවයට එල්ලවන විවේචනයට හේතු ඇසුවොත් රාජ්‍ය සේවයෙන් ලැබෙන්නට පුලුවන් පිළිතුරු ගොන්නක්ම වෙයි.පලමු පිළිතුර වන්නේ අපිට පවතින නීතියට අනුව වැඩ කරන්න වෙනවා කියන එක ය.නීතිය කඩා කරන ඉහත දැක්වූ විදේශ ගමන් බලපත්‍රය ලබා දීම බඳු සිද්ධීන් සාමාන්‍යකරණය කරන්නට යැයි කිව නොහැක. ඒ නිසා පවතින නීතියට වැඩ කරන්නට වෙනවා කියන පිළිතුර යම් තරමකට සාධාරණ ය.ඇත්තටම රාජ්‍ය සේවයේ වැඩ සිදුවන්නේ හරියටම පවතින නීතියට අනුවමද?
මෙසේ රාජ්‍ය සේවයට එල්ලවන විවේචනයට හේතු ඇසුවොත් රාජ්‍ය සේවයෙන් ලැබෙන්නට පුලුවන් පිළිතුරු ගොන්නක්ම වෙයි.පලමු පිළිතුර වන්නේ අපිට පවතින නීතියට අනුව වැඩ කරන්න වෙනවා කියන එක ය.නීතිය කඩා කරන ඉහත දැක්වූ විදේශ ගමන් බලපත්‍රය ලබා දීම බඳු සිද්ධීන් සාමාන්‍යකරණය කරන්නට යැයි කිව නොහැක. ඒ නිසා පවතින නීතියට වැඩ කරන්නට වෙනවා කියන පිළිතුර යම් තරමකට සාධාරණ ය.ඇත්තටම රාජ්‍ය සේවයේ වැඩ සිදුවන්නේ හරියටම පවතින නීතියට අනුවමද?මේ ගැන උදාහරණ ලෙස කරුණු කීපයක් පෙන්වීමට කැමැත්තෙමි.මේ දිනවල ජනාධිපතිවරයා විශේෂ වැඩ සටහනක් ලෙස ඉඩම් සංවර්ධන ආඥා පණත යටතේ බැහැර කළ ඉඩම්වලට තමන්ට පැවරුණු බලතල යටතේ සින්නක්කර ඔප්පු බෙදා දෙමින් සිටියි. රජයෙන් බැහැර කළ ඉඩමක අයිතිය මුලුමනින්ම එම ඉඩම සංවර්ධනය කළ තැනැත්තාට ලබාදීම ඒ තැනැත්තාට විශාල වටිනාකමක් ලබාදීමකි.ඉඩමේ සින්නක්කර අයිතිය ලැබීම යනු අක්කර දෙක හමාරක ඇති ගොවි පවුලක දේපල වටිනාකම .මිලියන පහකින් එහාට ඉහල නැංවීමකි.රජයේ මුඩුබිමක් සරුසාර ගොවිබිමක් බවට තම ශ්‍රමය යොදා සකසා ජනතාවගේ ආහාරය සඳහා අවශ්‍ය බෝග වගාකර රටට සුවිසල් මෙහෙවරක් කරන ගොවීන්ට ඉඩමේ සින්නක්කර අයිතිය ලබාදීම යන්න ඔවුන්ගේ හීනයක් සැබෑ කිරීමකි.එය සෑම අතින්ම වටිනා කාර්යකි.එහෙත් ඉඩම් සංවර්ධන ආඥා පණත යටතේ දීමනා පත්‍ර නිකුත්කර දැනටමත් ගොවීන් සතු කර ඇති ඉඩම් සඳහා පවා අමුතුවෙන් රජයේ ඉඩම් ආඥා පණතින් සින්නක්කර ඔප්පුවක් නිකුත් කිරීමට ජනාධිපති වරයාට සිදුවුණේ ඇයි?
මේ ඉඩම් සංවර්ධන ආඥා පණත යටතේ බෙදා දුන් ඉඩම්වලට මුලින්ම දෙන්නේ අවසර පත්රයකි.ඒ අවසර පත්‍රය මත නියමිත ගාස්තු අවුරුදු දහයක් තුල ගෙවා නිම කළ යුතුව තිබුණි.එසේ ගාස්තු ගෙවන කාලය තුළ ඉඩම කෘෂිකර්මාන්තයේ යොදාගත හැකි ලෙස සංවර්ධනය කළ යුතුව ඇත.මෙම ඉඩම් ලාභී ගොවීන් අතිමහත් බහුතරය ඉඩම නිසි ලෙස සංවර්ධනය කර වගා කටයුතු සඳහා යොදාගත් අතර රටේ සාමාන්‍ය වී අස්වැන්නේ ප්‍රමාණය ද හත් අට ගුණයකින් ඉහල දමමින් රටට අවශ්‍ය සහල් ප්‍රමාණය මේ රටේම නිපදවීමට අවශ්‍ය ලෙස රටේ වී නිෂ්පාදනය වර්ධනය කිරීමට ඔවුන් ක්‍රියා කළේ ද මේ ඉඩම් උපයෝගී කර ගනිමිනි.මේ අවසර පත්‍ර ඉඩම් සඳහා ඉඩම් සංවර්ධනය කර නියමිත ගාස්තු ගෙවා අවසන් කළ පසු දීමනා පත්‍රයකින් අදාල ගොවියා සතු කිරීම ද ඉඩම් සංවර්ධන අඥා පණතේ විධිවිධාන වලට අනුව සිදු කෙරිණි.ස්වර්ණ භුමි, ජයභුමි ආදී නම් වලින් ඇත්තේ මේ දීමනා පත්‍රයි ඉඩම් සංවර්ධන ආඥා පණතේ මේ දීමනා පත්‍රය සහිත ඉඩමක් බැහැර කිරීමේදී ප්‍රාදේශීය ලේකම්වරයාගේ පූර්ව ලිඛිත අනුමැතිය මත මිස බැහැර නොකළ යුතු බවට කොන්දේසියක් පනවා ඇත.එකී කොන්දේසිය අනුව පැවරුමක් සඳහා අනුමැතිය ඉල්ලා සිටීමකදී කරුණු දෙකක් තහවුරු කරගෙන අනුමැතිය දිය හැකි බව පණතේ දක්වා ඇත. ඒ කරුණු දෙක වන්නේ ඉඩම බැහැර කරන්නේ ඉඩම රජයෙන් ලබා දුන් පන්තියටම අයෙත් අයෙකුට වීම.,හා ඉඩම බැහැර කිරීම නිසා හිමිකරුගේ යැපෙන්නන් අනාථ භාවයට පත් නොවීම ය. උදාහරණයකට ගොවියෙකුට දුන් ඉඩමක් බැහැර කළ හැක්කේ වෙනත් ගොවියෙකු වෙතම පමණි.ඒ ඉඩම බැහැර කිරීමෙන් ගොවියාගේ බිරිඳ හා දරුවන් අනාථ භවයට පත් වීමක් නොවන බවත් ප්‍රාදේශීය ලේකම් තහවුරු කර ගත යුතු ය.ඒ තහවුරු කිරීම් සම්පූර්ණ නම් ප්‍රාදේශීය ලේකම් විසින් අනුමැතිය ලබා දිය යුතු ය. එය පවත්නා නීතියයි.නමුත් මේ ඉඩම් පැවරුම් කිරීමට අනුමැතිය ගැනීමට යන බොහෝ දෙනෙකුට තවත් විවිධ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යල වලින් දැනුම් දෙනු ලැබේ.
මගේ අවිවාහක වයෝවෘද්ධ මාමා කෙනෙකු තමන් සතු දීමනා පත්‍ර සහිත අක්කරයක ගොඩ ඉඩමක් වෙනත් අයෙකුට විකුණා තමන්ට බෙහෙත් හේත් ගැනීමට අවශ්‍ය වියදම සපයා ගැනීමට සිතා ඊට සුදුසු ගැනුම් කරුවකු ද සොයාගෙන ඉඩම පැවරීමට නොතාරිස් ඔප්පුවක් ලිවීමට අනුමැතිය ඉල්ලා සිටියේ ය.ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාල ග්‍රාම නිලධාරි මගින් ඉඩම මිලට ගන්නා පුද්ගලයා ගොවි පන්තියේ බව තහවුරු කරගෙන මාමා අවිවාහකයෙකු බැවින් යැපෙන්නන් ද නොමැති බවත් තහවුරු කරගෙන ප්‍රාදේශීය ලේකම් ජාර්යාලයෙන් කිව්වේ අනුමැතිය දීම සඳහා මගේ මාමාගේ සියලුම සහෝදර සහෝදරියන් ප්‍රාදේශීය ලේකම් කාර්යලයට පැමිණ අත්සන් කර ඊට කැමැත්ත පළ කළ යුතු බව ය.තම සහෝදර සහෝදරියන් කීපදෙනෙකුම ජීවත්වන්නේ විදේශගතව බව කිව්වත් අනුමැතිය නොලැබුණි නමුත් අවිවාහක පුද්ගලයෙකුට දීමනා පත්‍රයක් මඟින් නිකුත් කර ඇති ඉඩම පැවරීමේ අනුමැතිය දීමට සහෝදර සහෝදරියන්ගේ අත්සන් අවශ්‍ය යන නීතිය රටේ ව්‍යවස්ථාදායකය පැනවූ නීතියක් නොවේ.එය පනවා ඇත්තේ රාජ්‍ය සේවයේ ඉඩම් පරිපාලනය භාර ඉහල නිලධාරීන් විසිනි.
මීට අමතරව දීමනා පත්‍ර ඉඩමක ඇතැම් ඉදිකිරීම් කිරීමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යලයේ අනුමැතිය ගත යුතු යැයි නීතියක් ද රාජ්‍ය සේවයෙන් හදාගෙන තිබේ.රාජ්‍ය නිලධාරින්ගේ ඒ නීතියට අනුව දීමනා පත්‍ර ඉඩමක ඉන්ධන පිරවුම්හලක් හෝ කර්මාන්ත ශාලාවක් ඉදිකරන්නේ නම් දීමනා පත්‍රය රජයට භාරදී ඉඩම සඳහා වෙනම බදුකරයක් ලබා ගත යුතු ය.මා දන්නා එක්තරා මිත්‍රයෙකු මධ්‍යම පන්තියට දීමනා පත්‍රයක් මත ලබා දුන් ඉඩමක කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට අදහස් කළේ ය.ඉඩම මිලට ගැනීමට පෙර අනුමැතිය සඳහා ඉඩම හිමිකරු සමග ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් විමසූ විට ඉන් ලැබුණු උපදෙස වුණේ ඉඩමේ දීමනා පත්‍රය රජයට භාර දුන්පසු බදුකරයක් ඉල්ලා සිටින ලෙසට ය. ඒ අනුව මගේ මිත්‍රයා ඉඩම හිමිකරුට ඉඩමේ සම්පූර්ණ වටිනාකම ගෙවා දීමනා පත්‍රය රජයට භාරදෙන ලෙසට ඔහුව පෙළඹවීය. ඉන්පසු ඒ ඉඩමට දීර්ඝ කාලීන බද්දක් දෙන ලෙසට දැන් ඉල්ලීම් කර ඇත.දැන් දීර්ඝ කාලීන බද්දේ වාර්ෂික වටිනාකම ඉඩමේ වටිනාකමින් 4%කි.තමන් සම්පූර්ණ වටිනාකම ගෙවා නිම කළ ඉඩම සඳහා මගේ මිත්‍රයාට අවුරුද්දකට 4%බැගින් බද්දක් ද රජයට ගෙවන්නට වෙයි.මෙය කැකිල්ලේ රජ්ජුරුවන්ගේ මොඩලයේ නීතියකි. ඉඩම් සංවර්ධන ආඥා පනතේ හෝ රටේ බල පැවැත්වෙන වෙනත් නීතියක මේ අන්දමේ විධිවිධාන නැත.එසේ නම් මෙහෙම නීතියක් රාජ්‍ය සේවයේ ක්‍රියාත්මක වෙන්නේ කෙසේද? නීති සම්පාදනය කරන පරමාධිපත්‍ය බලය හිමි එකම ආයතනය වන පාර්ලිමේන්තුවේ අනුමැතිය නොගෙන මේ අන්දමේ නීති නිර්මාණය කර ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇත්තේ රාජ්‍ය නිලධාරියෙකු වන ඉඩම් කොමසාරිස් ජනරාල් වරයෙකි.මේ අන්දමේ ඉඩම් බලධාරීන් විසින්ම සකස් කර ප්‍රාදේශීය ලේකම් වරුන් ලවා ක්‍රියාත්මක කරවන කැකිල්ලේ පන්නයේ අනීතික රෙගුලාසි නිසා ස්වර්ණ භූමි ජයභූමි දීමනා පත්‍ර හිමි ගොවීහු ද සිය ඉඩම පිළිබඳ කටයුතුවලදී බලවත්සේ පීඩාවට පත්වෙමින් සිටිති.දීමනා පත්‍ර දැනටමත් නිකුත්කර ඇති ඉඩම් සංවර්ධන ආඥා පනත මගින් බැහැර කළ ඉඩම්වලට අදාලව කළ යුතු සීමිත කාර්යය නීතියේ හැටියට ඉටුකරදෙන රාජ්‍ය සේවයක් රටේ තිබුණානම් ඒ ඉඩම් වලට යළිත් රජයේ ඉඩම් ආඥා පනත යටතේ නිදහස් දීමනා පත්‍ර නිකුත් කිරීමට ජනාධිපතිවරයාට සිදුවන්නේ නැත.
මෙසේ නිලධාරීන් විසින් සම්පාදනය කර ගෙන ක්‍රියාත්මක කරන නීතිවලින් බැට කන්නේ පුද්ගලයින් පමණක් නොවේ රාජ්‍ය ආයතන ද බැට කමින් සිටියි.නාගරික සංවර්ධන අධිකාරියට හා නිවාස සංවර්ධන අධිකාරියට ඒ අධිකාරියේ නමින් ඉඩම් වල අයිතිය දැරීමට එකී ඉඩම් සංවර්ධනය කිරීමට හා බැහැර කිරීමට බලතල ලබාදී ඇත එසේම කිසියම් පුද්ගලික ඉඩමක් ඒ අයතනවල කාර්යය සඳහා අවශ්‍ය නම් ඉඩම අත්පත් කිරීමේ පණත අනුව අත්පත් කරගෙන ඒ ආයතන වලට ලබා ගැනීමට ද නීතියෙන් ඉඩ දී ඇත.
ශ්‍රී ලංකා රාජ්‍ය සේවය පවතින නීතියට අනුව කරන්නේයැයි කියන තව බොහෝ දේ ගැන සත්‍ය තත්වය පෙන්වාදිය හැකි මුත් එය ලිපියකින් නොව පොතකින් කළ යුතු වැඩකි.ඒ නිසා “අපිට පවතින නීතියට අනුව කටයුතු කරන්න වෙනවා” කියන නිදහසට කරුණ පිළිගත නොහැක.නීතියට අනුව කටයුතු කරන්න ගියොත් රාජ්‍ය සේවකයින්ට ද මුහුණ දෙන්නට වන තත්වය ද භයානකය. මෙසේ නීතියට පිටින් විවිධ කොන්දේසි රෙගුලාසි පෙන්වමින් වැඩ නොකිරීම හා කල්දැමීම සිදුවන්නේ සාමන්‍ය රාජ්‍ය සේවකයාගේ වරදකට වඩා ඉහල බලධාරීන්ගේ ඇති අකාර්යක්ෂමතාවය නිසා ය.
ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන කටයුතු සඳහා අත්පත් කර ගැනීමේ නීතියෙන් අත්පත්කරගෙන මේ ආයතන දෙක භාරයට ලබාදෙන ඉඩම් එම ආයතන ස්ථාපිත නීතිය අනුව බැහැර කිරීමට පාර්ලිමේන්තු පනත් මගින් ඉඩ සලසා තිබුණත් රජයේ ඉඩම් පරිපාලනය භාර ලොක්කෝ වන්දි ගෙවා අත්පත් කරගෙන එකී ආයතන ලබා ගන්නා ඉඩම් වලට ජනාධිපතිගේ අත්සනින් ඔප්පු සකස් කරවති. එසේ අත්පත් කර ගන්නා ඉඩම් මෙබඳු ආයතනවලට පැවරීමේ දී අත්පත්කර ගන්නා බලධාරියා අත්සන් කරන සහතිකයකින් ලබාදිය යුතු බවට අත්පත් කර ගැනීමේ නීතියේ ඇති විධිවිධාන අනුගමනය කිරීමට ඉඩ නොදී ජනාධිපතිගේ අත්සනින් ඒවා පැවරීමේ අලුත්ම ක්‍රමයත් සැකසීමත් අර කැකිල්ලේ පන්නයේ බලධාරින්ගේම වැඩකි.ඔය ගැන විමසන විට ඉදිරියට එන්නේ තම ආයතනයේ ප්‍රයෝජනයට අත්පත් කරගත් ඉඩමක් සළුසල ආයතනය මගින් විකුණා තිබීම පිළිබඳ නඩුවකි.එහි දී පැවසුණේ අධිකරණය එම විකිණීම බල රහිත කල නිසා අත්පත්කරගත් ඉඩම් විකිණීමට නම් ජනාධිපතිගේ අත්සනින් ඔප්පු දිය යුතු බව ය.සළුසල යනු ඒ අයතනය සතු ඉඩම් බැහැර කිරීමට නීතියෙන් බලයක් දී නැති රාජ්‍ය ආයතනයකි. එබැවින් ඔවුන් කළ බැහැර කිරීම අධිකරණයෙන් බල රහිත කළාට නාගරික හා නිවාස සංවර්ධන අධිකාරිවලට තම ආයතන සතු ඉඩම් බැහැර කිරීමේ නීතිමය බලය පාර්ලිමේන්තුවෙන් ලබා දී තිබේ.එනිසා එවැනි තත්වයක් ඇතිවීමට ඉඩ නැති බව මේ කැකිල්ලේවරු නොදනිති.මේ අන්දමේ අනීතික රෙගුලාසි මහජනතාවගේ ගැටලු විසඳා දී කඩිනමින් මහජන සේවා සැලසීමට උත්සාහ කරන ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඇති විශාලම බාධාවකි. මේ රෙගුලාසි අනීතික බව හොඳින්ම දැනහිටියත් ඒවා අනුගමනය නොකොළොත් චෝදනා පත්‍රය එවා විමර්ශනය සූදානම් කරන්නේ ප්‍රාදේශීය ලේකම්ට හා සහකාර ලේකම්ට එරෙහිව ය. ඒඅනුව නීතියේ හැටියට කෙසේ වෙතත් සමස්ත රාජ්‍ය ඉඩම් පරිපාලනයම එකම අවුල් ජාලයක් බවට පත්කර හමාර ය.
මේ අන්දමින් ශ්‍රී ලංකා රාජ්‍ය සේවය පවතින නීතියට අනුව කරන්නේයැයි කියන තව බොහෝ දේ ගැන සත්‍ය තත්වය පෙන්වාදිය හැකි මුත් එය ලිපියකින් නොව පොතකින් කළ යුතු වැඩකි.ඒ නිසා “අපිට පවතින නීතියට අනුව කටයුතු කරන්න වෙනවා” කියන නිදහසට කරුණ පිළිගත නොහැක.නීතියට අනුව කටයුතු කරන්න ගියොත් රාජ්‍ය සේවකයින්ට ද මුහුණ දෙන්නට වන තත්වය ද භයානකය. මෙසේ නීතියට පිටින් විවිධ කොන්දේසි රෙගුලාසි පෙන්වමින් වැඩ නොකිරීම හා කල්දැමීම සිදුවන්නේ සාමන්‍ය රාජ්‍ය සේවකයාගේ වරදකට වඩා ඉහල බලධාරීන්ගේ ඇති අකාර්යක්ෂමතාවය නිසා ය. අනික් අතට කරගෙන යන වරදක් නිවැරදි කිරීමට ඉහලම නිලධාරීන් පුදුමාකාර ලෙස අකමැතිය.ඊට හේතුව අන් දෙයක් නොව කරගෙන යන වරද නිවැරදි කිරීමෙන් තමන්ට අතිරේක වගකීමක් ගන්නට වෙතැයි සිතීමට පුරුදුවී සිටීම ය.ඉහළ දේශපාලන බලධාරියෙකු කියන දෙයක් ඉටුකරදෙනවා මිස තමන්ගේ ආයතනවල රාජකාරි කටයුතු නීතියට අනුව සිදුවෙනවාදයි සෙවීමට දැනුමක් උවමනාවක් හෝ උනන්දුවක් ඉහලම අධික්ෂණ බලධාරීන්ට නැත.එසේම නීතිය අනුව කටයුතු කරන නිලධාරීන්ව දඩයම් කිරීමට උදව් දෙනවා මිස ඔහුන්ගේ ආරක්ෂාවට ඉදිරිපත් නොවීම ද බොහෝ ඉහල නිලධාරීන්ගේ සිරිතකි.
මේ සියල්ල සමාලොචනය කළ විට පෙන්වාදිය හැක්කේ බොහෝ රජයේ කාර්යාල වලින් කාර්යය ඉටු කර ගැනීමට නම් යායුත්තේ මිහිඳු හිමියන්ගේ ස්වරූපයෙන් නොව වෙසමුණියාගේ ස්වරූපයෙන් බව ය. ඒ සඳහා අවශ්‍ය වෙසමුණියන් බඳු අය පාර්ලිමේන්තුවේ ද සිටිති. ඉස්සර නම් පලත් සභාවලද පලාත් පාලන ආයතනවලද මෙබඳු වෙසමුණි ගැටව් සිටියෝය. වාසනාවට දැන් නැත. මේ අතරම ස්වකීය සේවාදායකයින්ට මිත්‍රශීලී ලෙස සලකමින් ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඇප කැපවී ක්‍රියා කරන රාජ්‍ය ආයතන හා නිලධාරීන්ද සැලකිය යුතු ප්‍රමාණයක් රාජ්‍ය සේවයේ සිටීම නම් සන්තෝෂයට කරුණකි.ඒ අයට මේ ලිපියේ කරුණු කිසිසේත්ම අදාල නොවේ.
සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති