අද විදුලිය කැපීමක් නෑ

අද(06) දිනයේදී අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදිමට හැකියාව පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.ඒ අතර හෙට දිනයේදි විදුලි කප්පාදුවක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බවයි මහජන උපයෝගිතා කොමිසම පවසයි.පසුගියදා අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජනන කටයුතු අත්හිටවූ කැළණිතිස්ස සොජිට්ස් පෞද්ගලික බලාගාරය ඊයේ යළි ජාතික පද්ධතියට එක්කෙරුණු අතර එමගින් මෙගාවොට් 160 ක ධාරිතාවක් ජාතික පද්ධතියට ලැබෙන බව ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්