අද(20) සවස් වරුවේ හෝ සන්ධ්‍යා භාගයේ ද වරින් වර විදුලිය ඇනහිටීම් සිදු විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි. ඉන්ධන නොමැති වීම නිසා කෙරවලපිටිය යුගදනවි බලාගාරය සහ සපුගස්කන්ද ඒ සහ බී යන බලාගාර ඇනහිටීම මත ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 370 ක් අහිමිවී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.දැවි තෙල් නොමැති වීම නිසා මොගාවොට් 270 ක් නිෂ්පාදනය කරන කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ විදුලි ජනනය දැවි තෙල් නොමැති වීම නිසා ඊයේ අත්හිටවූ අතර ඉන් බවත් සපුගස්කන්ද ඒ සහ බී බලාගාර ද ඉන්ධන නොමැතිව අද පෙරවරුවේ අනහිටි අතර ඉන් මෙගාවොට් 100 නිෂ්පාදනය කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.ඒ අනුව ජාතික විදුලි බල පද්ධතිය බිඳ වැටීම වළක්වා ගැනීමට විදුලිය පිරිමසා ගැනීම් සඳහා අද සවස් වරුවේ හෝ සන්ධ්‍යා භාගයේ දිවයිනේ විවිධ ප්‍රදේශ වල විදුලි බිඳ වැටීම් සිදු විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.