අද සිට ආනයනය සීමා වන භාණ්ඩ වර්ග 367 මෙන්න

අත්‍යවශ්‍ය නොවන බවට තීරණය වූ භාණ්ඩ වර්ග 367ක් ආනයනය කිරීම අද(10) සිට බලපත්‍ර පාලනයට නතු කරමින් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම සීමා කිරීම ක්‍රමවේද තුනක් යටතේ සිදුකර ඇති අතර ඇතැම් භාණ්ඩ ආනයන සීමා කර ඇත්තේ බදු ඉහළ නැංවීමෙනි..තවත් භාණ්ඩ ගණනාවක් රටට ගෙන්වීමේදී බලපත්‍ර ලබා ගත යුතු වේ.ඇතැම් භාණ්ඩ සීමා කර ඇත්තේ, බදු මෙන්ම බලපත්‍ර යන ක්‍රමවේද දෙකම ක්‍රියාත්මක කරමිනිඅනුව මේ යටතේ අද සිට ආනයන සීමා පැනවෙන අත්‍යවශ්‍ය නොවන බවට නම් කළ භාණ්ඩ ලැයිස්තුව මෙසේ ය

මස් හා මාළු නිෂ්පාදන,කිරි ආශ්‍රිත නිෂ්පාදන,පළතුරු,පිටි ආශ්‍රිත නිෂ්පාදන,සකස් කරන ලද ආහාර,චොකලට්,පැස්ටා වර්ග,මත්පැන් හා බීම වර්ග,දුම්වැටි ඇතුළු දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන,සුවඳ විලවුන් ඇතුළු රූපලාවන්‍ය නිෂ්පාදන,මුඛ සෞඛ්‍යයට අදාළ නිෂ්පාදන,ඉටිපන්දම් හා ලාම්පු වර්ග,රබර් ආශ්‍රිත නිෂ්පාදන,ලෙදර් ආශ්‍රිත නිෂ්පාදන ගමන් මළු,සම් ආශ්‍රිත නිෂ්පාදන,කාපට්,ඇගළුම් හා ආශ්‍රිත නිෂ්පාදන,පාවහන්,හිස්වැසුම්, පනා,කුඩ,සෙරමික් නිෂ්පාදන,වීදුරු නිෂ්පාදන,විදුලි නොවන ගෘහස්ථ උපකරණ මුළුතැන්ගේ උපකරණ,ගෘහ භාණ්ඩ,විදුලි උපකරණ,පරිගණක උපකරණ,ඇස් කණ්නාඩි,ඔරලෝසු,සංගීත භාණ්ඩ,සෙල්ලම් බඩු                                                                                                                                                     දැනට අප සමාජය එදිනෙදා බහුල ලෙස පරිභෝජනය කරන ආහාර සහ අනෙකුත් භාණ්ඩ රැසක් මේ යටතේ වෙළඳ පළින් ඉවත් වීම සහ ඒවායේ මිල ගණන් අසීමාන්තික ලෙස ඉහළ යාම මුල් කොට දැනට පවත්නා වෙළඳ පල ආර්ථිකය බිඳ වැටෙන බව පෙන්වා දෙන සමාජ ආර්ථික විශ්ලේෂකයෝ මේවා ආනයනය කිරීම හා අලෙවි කිරීම සම්බන්ධ කටයුතු ජීවනෝපාය කරගත් මිලියන ගණනක් ජනතාව දරුණු ආර්ථික ප්‍රපාතයකට ඇද වැටෙන බවත් අවධාරණය කරති.

කාලීන පුවත්