හෙට දින ක්‍රියාත්මක කෙරෙන විරෝධතා හමුවේ අද (08) සහ හෙට ඉන්ධන පිරවුම් හල් වෙත සැපයුම් නතර කරන ලෙස තමන්ට උපදෙස් ලැබී ඇති බව ලංකා IOC සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා පවසයි. ඒ අනුව ලංකා IOC සමාගමේ ඉන්ධන ලබාගන්නා කර්මාන්ත සඳහා පමණක් ඉන්ධන සැපයන බව ඒ මහතා කියයි.නමුදු තම සමාගමේ ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් කිරීම එළඹෙන සඳුදා සිට නැවත ආරම්භ කරන බව ද ගුප්තා මහතා වැඩිදුරටත් කියයි.