අද (07) දිනයේත්  විදුලිය විසන්ධි විය හැකියි – ලංකා විදුලි බල මණ්ඩලය

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වරින් වර අද (07) දිනයේ  විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳවැටීම හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි සැපයුමට ඊයේ(06) රාත්‍රියේ බාධා එල්ල විය.
ඒ හේතුවෙන් අද දිනයේදී ද විවිධ ප්‍රදේශවල දෛනික විදුලි ඉල්ලුම ඉහළ මට්ටමක පවතින අවස්ථා වලදී විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
කාලීන පුවත්