අධිවේගී මාර්ගවල මගී ප්‍රවාහනය සිදු කරන බස් රථවල ගාස්තු ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 10කින් අඩු කිරීමට රජය තීරණය කළ බව ප්‍රවාහන හා මහා මාර්ග සහ ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
මේ අතර කොළඹ – කතරගම ගාලු මාර්ගයේ සාමාන්‍ය බස් රථ සහ සුඛෝපභෝගී බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය වන බවත්, ගාලු පාරේ, කතරගම කොළඹ අතර ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව ද ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට තීරණය කළ බවත් ඔහු පැවසීය.
එම සංශෝධිත ගාස්තු ලේඛනය පහතින්,