අධීක්ෂණය නොවන සංචාරකයන් නිසා රට යළි බරපතල අවදානමක

විධිමත් නිරෝධායන සහ අධීක්ෂණ ක්‍රියාවලින් තොරව විදේශීය සංචාරකයන් ගෙන්වා ගැනීම නිසා රට නැවතත් බරපතල කොවිඩ් අවදානමකට ලක්වෙමින් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.විශේෂයෙන් පසුගිය සති කිහිපයේ විශාල වශයෙන් ඉන්දීය සංචාරකයන් මෙරටට පැමිණ තිබුණද ඔවුන්ගේ නිරෝධායන කටයුතු අධීක්ෂණය කිරීමක් සිදු නොවූ බවද සඳහන් කරන සභාපති වරයා රට තුළට විදේශීය සංචාරකයන් ගෙන්වා ගැනීමේ දී බලධාරීන් මීට වඩා අතිශය වගකීම් සහගත විය යුතු බව ද පෙන්වා දෙයි

කාලීන පුවත්