අන්තර්කාලීන පාලනයකට රට භාර දෙන්න මහ නා හිමි වරු කියති

අන්තර්කාලීන පාලනයකට රට භාරදිය යුතු බව මල්වතු, අස්ගිරි, අමරපුර, සහ රාමඤ්ඤ යන තෛනිකායික මහ නාහිමිවරු අවධාරණය කරති.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේලා දැනුම් දී ඇත්තේ වත්මන් ආර්ථික අර්බුදයේ ගැඹුර පිළිබඳ සවිඥාණික හා සබුද්ධිමත් මණ්ඩලයක් විසින් සිදුකරන අන්තර්කාලීන පාලනයකට රට භාරදිය යුතු බවකි.ජනාධිපති වර්යා විසින් සිය බලතල ප්‍රකාරව අග්‍රාමාත්‍ය වරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැර රටේ ආර්ථික හා සාමාජිය වටපිටාව යහපත් වූ පසු පාර්ලිමේන්තු මැතිවරණයකින් ජනතාව සිය පරමාධිපත්‍ය තහවුරු කරන ආණ්ඩුවක් පත්කර ගන්නා තුරු මෙම පියවර ගන්නා ලෙසයි එමගින් ඉල්ලීමක් කරන මහ නා හිමි වරු ජනතා විශ්වාසය කඩ නොකළ ජනතාවගෙන්ගෙන් ප්‍රතික්ෂේප නොවූ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ නියෝජිතයන්ගෙන් සැදුම්ලත්, සතර අගතියෙන් තොර පිරිසක් ඒ සඳහා තෝරා ගත හැකි බව එම ලිපියෙන් අවධාරණය කරයි..

කාලීන පුවත්