අන්තර් වාර ආණ්ඩුවකට රට බාර දෙන්න කියා ගොඩහේවා ඇමති කමින් අස්වෙන්න හදලා

රටේ ජනතාව විශාල ආර්ථික පීඩනයකට හා අසහනයකට ලක්වී ඇති අවස්ථාවක රට ගොඩ ගොඩනැගීමට ඇති එකම මග අග්‍රාමාත්‍ය වරයා ඇතුලු කැබිනට් මන්ඩලය ඉල්ලා අස්වී, පාර්ලිමේන්තුව තුළින් තෝරා පත්කරගන්නා අන්තර් වාර ආණ්ඩුවකට රට බාර දීම බවත් ඒ සඳහා පූර්වාදර්ශයක් සපයමින් තම කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියකින් දන්වා ඇත.පසුගිය අප්‍රේල් 20 දා යොමු කොට තිබූ එම ඉල්ලා අස්වීමේ ලිපිය බාර ගැනීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ. ඉදිරියේදී තවත් වෙනස් කම් සිදු කොට ජනතාවට පිළිගත් හැකි පිරිසිදු පාලනයක් ඇතිකරනා බව ජනාධිපති වරයා එහි දී පවසා ඇත.එහෙත් පසුගිය 18 වනදා දිවුරුම් දුන් නව ඇමති මණ්ඩලය අමතමින් ජනපති වරයා කියා සිටියේ ජනතාව ඉල්ලන”සිස්ටම් චේන්ජ් එක” කිරීමට නව ඇමති මණ්ඩලයට හැකි විය යුතු බවකි.එය ජනාධිපති වරයාගේ දේශපාලන අපරිනත භාවය කදිමට හුවා දක්වන්නක් බව විචාරක මතයයි.

කාලීන පුවත්