අනාගත සමඟි ජන බලවේග රජය දුම්වැටි, මත්ද්‍රව්‍ය මත්පැන් තුරන් කරනවා

තම නායකත්වයෙන් යුතු අනාගත සමඟි ජන බලවේග රජයක් තුළ දුම්වැටි, මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය යථාර්ථවාදීව උපරිම ලෙස අවම කිරීම හෝ සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ වැඩසටහනකට තමන් ඒකාන්ත වශයෙන් මුලපුරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.තමන්ගේ මේ ප්‍රතිපත්තිය නිසා ඡන්ද අඩු වෙනවාට තමා බිය නොවන බවත් බොරු නොකියන ජනතාව රවටන දුර්දාන්ත දේශපාලන සංස්කෘතියට තිත තැබිය යුතු බවත් විපක්ෂ නායක වරයා පැවසීය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශ්‍රවණාගාරයේ පැවැති 111 වැනි ශ්‍රී ලංකා අමද්‍යප මහ සභා රැස්වීම අමතමිනි.විපක්ෂ නායකවරයා ලෙස තමා කිසිදු අවස්ථාවක බාර් බලපත්‍ර ලබා දීම සඳහා පුද්ගලයන් නිර්දේශ කර නැති වීම සම්බන්ධයෙන් ආඩම්බර වන බවත් විපක්ෂ නායකවරයා එහි දී අවධාරණය කළේය.මේ වන විට පාසල් පද්ධතිය පවා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ආක්‍රමණය කර ඇති බවත් මෙවන් තත්වයක් තුළ ඍජු තීන්දු ගත යුතු බවත් තවදුරටත් මේ විනාශය දිහා බලා නිද්‍රාශීලීව සිටිය නොහැකි බවත් දරු පරපුර වෙනුවෙන් දැඩි තීන්දු තීරණ ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි දී වැඩිදුරටත් පැවසීය.

කාලීන පුවත්