අනුරට විකල්පය දැන්ම කියන්න බැරිද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

මහ මැතිවරණය ගැන කිසිදු උණුසුමක් රටේ නැත.ඒ දැනටම ජයග්‍රාහකයා කවුරුන්දැයි ජනතාව දන්නා නිසා ය.යම් උනන්දුවක් ඇත්තේ විපක්ෂයට ඡන්දෙ දුන් අය තුළ ය.ඒත්, ඒ උනන්දුව ඇත්තේ තමන්ට ඡන්දය දෙන්නට පුලුවන් අපේක්ෂකයෙකු තමන්ගේ පක්ෂයෙන් ඉදිරිපත් කරනු ඇතිදැයි දැන ගන්නට ය.පසුගිය ජනාධිපතිවරණයෙන් පළමු වතාවට සුළුතර බලයක් සහිත ජනාධිපතිවරයෙකු තෝරාපත් කෙරිණි.නො එසේ නම් රටේ ඡන්දය භාවිතා කළ පිරිසෙන් බහුතරය ඡන්දය දී ඇත්තේ පත්වුණු ජනාධිපතිවරයාට විරුද්ධව ය.ජනාධිපතිවරයා පවා තම මුල්ම ජාතිය ඇමතීමේ දීම ඒ බව අඟවා තිබේ. එබඳු තත්වයක දී බැලූ බැල්මට පෙනෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනාධිපතිවරයාගේ පක්ෂයට අවාසි වෙතැයි කියා ය. නමුත් මේ වනවිට බෙදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ විපක්ෂය මෙවර ලත් පරාජයත් සමඟ ඇති වූ ව්‍යාකූලත්වය නිසාම මහ මැතිවරණයට ශක්තිමත් ව මුහුණ දීමට අසමත් බව පැහැදිලි ය.ඒනිසා ජනාධිපතිවරණයේ දී ගත නොහැකි වූ බහුතරය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ගැනීමට ජාතික ජන බලවේගය සමත්වනු ඇත.

පසුගිය ජනාධිපතිවරණයේ දී සිදුවු මේ රටේ පාලන බලය මාරුවීම හුදෙක් එක් පක්ෂයකින් තව පක්ෂයකට බලය මාරුවීමක් පමණක් නොවේ.නිදහසෙන් පසු මේ රටේ පළමු පාලකයා බවට පත්වුණේ දහනව වන සියවස අග භාගයේ උපන් පරපුරක ඩී එස් සේනානයකයන් ය. ඔහු අයත් වූ දහනව වන සියවසේ අග භාගයේ උපත ලැබූ පාලකයන් තවත් දෙදෙනෙකු ඔහුගෙන් පසුව රාජ්‍ය පාලනයට සම්බන්ධ වූහ.ඒ ශ්‍රීමත් ජෝන් කොතලාවල හා එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ය.මේ පාලකයන් තිදෙනාම 1890 දශකයේ උපත ලද්දෝ වූහ.මේ පාලනය අවසන් වූයේ ඒ පරම්පරාවට අයත් අවසාන පාලකයා වූ බණ්ඩාරනායක කුරිරු ලෙස ඝාතනය කිරීමෙනි. දහනව වැනි සියවසේ අවසාන දශකයේ උපත ලද පරපුරේ පාලනය නිමවා විසි වැනි සියවසේ දෙවැනි දශකයේ උපන් පරපුරට පාලනය භාරදීමේ අන්තර්වාර කාලය 1902 උපන් විජයානන්ද දහනායකට පැවරුණි. ඒ අනුව 1948 සිට 1959 දක්වා වසර 11ක කාල පරිච්ඡේදය දහනව වැනි සියවසේ උපත ලද පරපුරේ පාලන කාලය සේ සැලකිය හැකිය.ඉන් පසු පාලනය භාර වූයේ විසි වන සියවසේ ආරම්භක යුගයේ පරම්පරාවට ය.ඉන් ජේ ආර් ජයවර්ධන , ඩඩ්ලි සේනානායක , සිරිමාවෝ බණ්ඩාරනායක යන තිදෙනාම 1906-1916 අතර උපත ලද්දෝ වෙති. රණසිංහ ප්‍රේමදාස පමණක් 1924 දී උපත ලැබූ අයෙකි.මේ කණ්ඩායමේ පාලන කාලය 1960 සිට 1993 දක්වා වේ. ඒ පාලන කාලය නිමා කෙරුණේ ද ඒ පරපුරේ අවසාන පාලකයා වූ රණසිංහ ප්‍රේමදාස බිහිසුණු ලෙස ඝාතනය වෙමිනි.ඉන්පසුව කෙටි කාලයක් ඒ පරපුරටම අයත් ඩී බී විජේතුංගයන් ඊළඟ පරපුරට පාලනය භාර දෙන අන්තර් වාර පාලකයා ලෙස ක්‍රියා කළේ ය. ඉන් පසු පාලනය මාරුවුණේ හතලිහේ දශකයේ පරම්පරාවට ය. චන්ද්‍රිකා බන්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන අය හතලිහේ දශකයේ අග භාගයේදී උපත ලද්දෝ වෙති. මෛත්‍රීපාල සිරිසේන 1951වර්ෂයේ උපත ලැබූ අයෙකි.මේ පරපුරේ පාලන බලය අවසන් වන්නේ ද ඛේදවාචකයකිනි.ඒ මේ පරපුරේ මහජන ඡන්දයෙන් බලයට පත්වුණු අවසාන පාලකයා වූ ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පලවා හැරීමෙනි.මීට පෙර පරම්පරා අතර බල හුවමාරුවේදී මෙන් අවසාන පාලකයා ඝාතනයට ලක් වීම යන්තමින් වැලකී ගියේ ගොඨාභයගේ ආරක්ෂක නිලධාරීන් විනාඩි කීපයක් ඉක්මන් වීම නිසා ය.ගෝඨාභය ලෙස අවසනාවන්‍ත බලයෙන් පහ කිරීමෙන් පසු අන්තර් කාලයේ රටේ පාලකයා වුණේ හතලිහේ පරම්පරාවේම රනිල් වික්‍රමසිංහ ය.

අන්තර්වාර පාලක රනිල් වික්‍රමසිංහගේ පාලනය තුළ දී පැවැත්වුණු ජනාධිපතිවරණය හතලිහේ පරපුරේ බලය හැටේ දශකයේ පරපුරට මාරු වීමේ තරඟයක් බවට පත් විය.ප්‍රධාන අපෙක්ෂකයන් තුන්දෙනා අතර හතලිහේ දශකයේ රනිල් ද හැටේ දශකයේ උපත ලද අනුර ද සජිත් ද විය.රනිල් පරදවා කවුරුන් දිනුව ද එය හැටේ පරම්පරාවට බලය අත්වීමක් වීමට නියමිතව තිබුණි. හතලිහේ දශකයේ රනිල් පරදවා හැටේ දශකයේ අනුර හා සජිත් දෙදෙනාම ඉදිරියට පැමිණීමෙන් පෙන්නුම් කරන්නේ තවදුරටත් හතලිහේ දශකයේ දේශපාලකයින්ට ශ්‍රී ලංකා දේශපාලනයේ භූමිකාවක් නැත යන්න ය.ඒ අනුව අනුර දිසානායක ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රීලංකා දේශපාලනයේ එක් වයස් පරම්පරාවක පාලකයන්ගේ කාල පරිච්ඡේදය නිම කර වෙනත් වයස් පරම්පරාවක් බලයට පත්වීම ය.

මේ අන්තර්වාර පාලක රනිල් වික්‍රමසිංහගේ පාලනය තුළ දී පැවැත්වුණු ජනාධිපතිවරණය හතලිහේ පරපුරේ බලය හැටේ දශකයේ පරපුරට මාරු වීමේ තරඟයක් බවට පත් විය.ප්‍රධාන අපෙක්ෂකයන් තුන්දෙනා අතර හතලිහේ දශකයේ රනිල් ද හැටේ දශකයේ උපත ලද අනුර ද සජිත් ද විය.රනිල් පරදවා කවුරුන් දිනුව ද එය හැටේ පරම්පරාවට බලය අත්වීමක් වීමට නියමිතව තිබුණි. හතලිහේ දශකයේ රනිල් පරදවා හැටේ දශකයේ අනුර හා සජිත් දෙදෙනාම ඉදිරියට පැමිණීමෙන් පෙන්නුම් කරන්නේ තවදුරටත් හතලිහේ දශකයේ දේශපාලකයින්ට ශ්‍රී ලංකා දේශපාලනයේ භූමිකාවක් නැත යන්න ය.ඒ අනුව අනුර දිසානායක ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රීලංකා දේශපාලනයේ එක් වයස් පරම්පරාවක පාලකයන්ගේ කාල පරිච්ඡේදය නිම කර වෙනත් වයස් පරම්පරාවක් බලයට පත්වීම ය.

දිලිත් ජයවීර

ඉහත පසුබිම තුළ ඉදිරි මහ මැතිවරණය පිළිබඳව යම් විග්‍රහයක් කිරීම සුදුසු වෙයි.ඉදිරි මහ මැතිවරණයේ ප්‍රමුඛ බලය දරණ බලවේගය වන්නේ ජාතික ජන බලවේගය බව මැතිවරණයට තරඟ වදින කාගේත් පිළිගැනීම බව පෙනෙයි.ප්‍රධාන විපක්ෂ බලවේගය වන්නේ සජිත් ගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයයි.මේ හැර හැටේ දශකයේ දේශපාලකයන් නායකත්වය දෙන දේශපාලන පක්ෂ දෙකක් මේ රටේ පවතී.ඒ දිලිත් ජයවීර නායකත්වය දෙන සර්වජන බලය සන්ධානය හා ප්‍රේම් කුමාර් ගුණරත්නම් නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි.පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රධාන වශයෙන්ම සමාජවාදී ආර්ථික ක්‍රමයක් පිළිබඳව විශ්වාසය තබන දේශපාලන පක්ෂයකි.එබැවින් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ මගින් බලය තීරණය කෙරෙන ක්‍රමවේදයක් තුළ ඔවුන් ජාතික ජන බලවේගයට ප්‍රධන විකල්පය වීමට ඇති ඉඩ අඩු ය.සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය දැනට ප්‍රධන විපක්ෂ බලවේගය ලෙස තිබුණත් ඔහු මේ වනවිට වාර දෙකක්ම ජනාධිපතිවරණ පරාජයට පත් වී 2020 මහ මැතිවරණයෙනුත් අසාර්ථකව පරාජිත ස්වරූපයෙන් සිටින නායකයෙකි.එමෙන්ම ඉදිරි මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය ජයක් නොලැබුවහොත් ඔහුගේ නායකත්වය ගැන විශ්වාසයක් තැබීමට ඉඩක් නැත.දිලිත් ජයවීර ව්‍යවසායක රාජ්‍යයක් යන නවමු සංකල්පයක් සමග ඉදිරියට යාමට සූදානම් වන දේශපාලකයෙකු බව ඔහුගේ ආරම්භයේ සිටම තේරුම් ගත හැකි විය.ඔහු ප්‍රධාන වශයෙන් එකතු කරගනිමින් සිටින්නේ පැරණි වමේ හා ජාතිකවාදී බලවේග වල විසිරී ගිය කොටස් බව මුලදී පෙනෙන්නට තිබුණි. එසේ වුවත් මහ මැතිවරණය අබිමුවදී ඔහු දේශපාලනිකව අතරමංවූ පොහොට්ටු පක්ෂයේ කොටස් ද එකතු කිරීමට උනන්දු වනු නිරීක්ෂණ විය.මේ එකතු කරගන්නා කොටස් සමග දිගු ගමනක් ඔහුට යාමට හැකිවෙත්දැයි තවමත් කීමට කල් වැඩි ය.

මීට අතිරේකව මීළඟ මහ මැතිවරණයේ දී තරඟ වදින ඊළඟ කණ්ඩායම වන්නේ රනිල් වික්‍රමසිංහ විසින් නායකත්වය දෙන ගෑස් සිලින්ඩර් කණ්ඩායමයි.මේ කණ්ඩායම බොහෝ විට සමන්විත වන්නේ එජාපයේ ශ්‍රීලනිපයේ ශේෂ කොටස් වලින් හා පොහොට්ටුවෙන් ගැලවී ගිය මන්ත්‍රීවරුන් කණ්ඩායමකිනි.මේ කණ්ඩායම තුළ පළපුරුදු තරුණ නම කිළිටි නොවූ දක්ෂ දේශපාලඥයන් කීපදෙනෙක්ම සිටිති. ඔවුන්ට ඇති බලවත්ම අභියෝගය නායකත්වයක් පිළිබඳ අඩුවයි. රනිල් වික්‍රමසිංහයන් බොහෝ පළපුරුදු නායකයෙකු වුණත් තවදුරටත් හතලිහ දශකයේ නායකත්වයකින් හැටේ දශකයේ නවතම දේශපාලන නායකත්වයකට අභියෝගයක් එල්ල කළ නොහැකි ය.එහි පරිනාමීය සිද්ධාන්ත වලට පවා පටහැනි බවක් පෙනෙයි. එසේම රනිල් වටා ඉතුරුවී සිටින එජාපයේ ඉතිරි කොටස් ඔහුගේ මහජන පිළිගැනීමට ඇති ලොකුම බාධාව වෙයි.පසුගිය ජනාධිපතිවරණයේ දී රනිල්ගේ මැතිවරණ ව්‍යාපාරය බිම් මට්ටමට ගෙන යාමට කිසිදු උත්සාහයක් නොගත්තේ මේ රනිල් වටා සිටින එජාප පිරිස ය.රනිල්ට සහායට පැමිණි පොහොට්ටු ශේෂ පිරිස් ද මැතිවරණ ව්‍යාපාරය ගම් මට්ටමට ගෙනගියේ නැත.ආඬි හත් දෙනාගේ කැඳ හැලිය කතාවේ මෙන් මේ දෙගොල්ලොම හිතා හිටියේ බිම් මට්ටමේ ප්‍රචාරක ව්‍යාපාරය අනික් පාර්ශවය විසින් කරනු ඇති බවට ය.දෙපාර්ශවය ඒකාබද්ධ කළ ශක්තිමත් මැතිවරණ ව්‍යපාරයක් ගැන රනිල් හිතුවේත් නැත.අර්බුද අවස්ථාවක විධිමත් ආර්ථික උපාය මාර්ග යොදමින් රට පාලනයේදී රනිල් වික්‍රමසිංහ පෙන්වූ දක්ෂතාවයෙන් දහයෙන් පංගුවක් වත් ජනපතිවරණ ව්‍යාපාරය සංවිධානයේ දී පෙන්නන්නට රනිල් වික්‍රමසිංහ අසමත් වූ බව ජනපතිවරණ ප්‍රතිපලයෙන් ම හෙලිදරව් විය.ඒ නිසා තවදුරටත් ජාතික ජන බලවේගයේ පාලනයට ප්‍රතිවිරුද්ධ දේශපාලන බලවේගයක් ඉදිරියේ දී රනිල්ගේ නායකත්වයෙන් ඇතිවේයැයි කිසිසේත් සිතිය නොහැක.

උවිඳුට දේශපාලනයේදී පියාගෙන් ලැබී ඇත්තේ විජේවීර නාමය පමණි නාමල් රාජපක්ෂට පියාගෙන් ආශිර්වාදයද ධනය ද පිරිවර ද පක්ෂයක්ද තනතුරුද ජ්‍යාත්‍යන්තර සබඳතා ද බලවත් පවුල් ජාලයක අනුග්‍රහය ද ලැබී ඇත. කොටින්ම නාමල්ට නැත්තේ බලය පමණි.මේ දෙදෙනාම ශ්‍රී ලාංකීය වාම දේශපාලනය හා ජාතිකවාදී දේශපාලනය මත පදනම් වූ දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නගන බව ප්‍රකශ කරමින් සිටිති.මේ දෙදෙනා අතරින් තරුණ පිරිස් ආකර්ෂණය කර ගැනීමේදී නාමල්ට වඩා වැඩි අවස්තාවක් උවිඳුට තිබේ.නමුත් ප්‍රමාණවත් මූල්‍ය පසුබිමක් නොමැතිවීම වැනි ඔහුගේ දේශපාලන ව්‍යාපාරයට ඇති ප්‍රායෝගික සීමාවන් නිසා ඊට බාධා පවතී.නාමල් මූල්‍ය පහසුකම් අතින් උවිඳුට වඩා වාසිදායක වුණත් ඔහුගේ දේශපාලන පක්ෂයට ඇති විවිධාකාර චෝදනා තරුණ පිරිස් වල ආකර්ශණයට අහිත කර ලෙස බලපානු ඇත.විශේෂයෙන් ඔහු තැන නොතැන නොබලා උර දරා හිඳින පරම්පරා සාටකය ඔහුට නූතන තරුණ පෙළට ළංවීමට බාධාකාරී “බැරියරයක්” බව පෙනෙයි.නාමල් පසුගිය ජනපතිවරණයේ දී පරම්පරා සාටකය යොදා ගත්තේ එය තම පියාගේ වීරත්වය හා සබැඳි ජයග්‍රහණයේ සංකේතය සේ සලකා වන්නට පුළුවන එහෙත් එම පළඳනාව මේ නූතන සමාජය හමුවේ වලංගු ද යන්න මෙවර ජනපතිවරණ ප්‍රතිඵලයෙන් නාමල්ට උස්මුරුත්තාවටම වැටහෙන්නට ඇත.

නාමල් රාජපක්ෂ

මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට අපේක්ෂිත තවත් කණ්ඩායම් දෙකක් ගැන අවධානය යොමු කළ යුතු ය.මේ කණ්ඩායම් දෙකේම නායකත්වය දරන්නේ අසූව දශකයේ උපන් තරුණයන් දෙදෙනෙකි.මේ දෙදෙනාම මෙරට දේශපාලනයේ චිර ප්‍රසිද්ධ දේශපාලකයන් දෙදෙනෙකුගේ පුත්‍රයෝ වෙති.ඔවුන් දෙදෙනාම දැනට එකම දේශපාලන දර්ශනයක් මත සිය දේශපාලන කටයුතු මෙහෙයවන බව ද දක්නට ඇත.මේ දෙදෙනා වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ හා දෙවන පරපුර දේශපාලන පක්ෂයේ ලේකම් උවිඳු විජේවීර ය.නාමල් රාජපක්ෂ කවුරුත් දන්නා පරිදි මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත්‍රයා ය.උවිඳු ශ්‍රීලංකා දේශපාලනයේ නොමැකෙන ලෙස නම සලකුණු කර ඇති රෝහණ විජේවීරගේ පුත්‍රයා ය.නාමල් රාජපක්ෂ සිය පියා වන මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදය හා අනුග්‍රහය මත හා ඔහුගේ පාලනයේ උච්චතම අවදියේ දේශපාලනයට පිවිස කැබිනට් අමාත්‍ය ධුරයක්ද දරා බලයෙන් වැජඹී ගත වූ කාලය තුළ බලයෙන් පිරිහී යළි බලය ලබා ගැනීමේ අභියෝගයය මුහුණ දී සිටින්නෙකි.උවිඳු සිය සුප්‍රකට පියා මිය යන විට ළදරු වයසේ පසු වී පසුව හමුදා රැකවරණ භාරයේ හැදෙමින් අධ්‍යපනය ලබා සුප්‍රකට මොස්කව් ලුලුම්බා විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පූර්ණ කාලීනව දේශපාලනයට පිවිසි තරුණයෙකි.එමෙන්ම පියා ගිය දේශපාලන මග අනුගමනය නොකර තමන්ගේම වූ දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නගමින් සිටින ධෛර්ය සම්පන්න තරුණයකු වන ඔහු ජනතා විමුක්ති පෙරමුණ වත් නොකරන ලෙසින් තම පියා වන රෝහණ විජේවීරගේ දේශපාලනයේ ඇතැම් අංග විවේචනය කරන්නෙකි.ඒ අනුව ශ්‍රී ලාංකේය දේශපාලනයේ සිය පියා ගේ දේශපාලනික තීරණ විවේචනය කරන එකම දේශපාලනඥ පුත්‍රයා ද ඔහුම විය හැක.උවිඳුට දේශපාලනයේදී පියාගෙන් ලැබී ඇත්තේ විජේවීර නාමය පමණි නාමල් රාජපක්ෂට පියාගෙන් ආශිර්වාදයද ධනය ද පිරිවර ද පක්ෂයක්ද තනතුරුද ජ්‍යාත්‍යන්තර සබඳතා ද බලවත් පවුල් ජාලයක අනුග්‍රහය ද ලැබී ඇත. කොටින්ම නාමල්ට නැත්තේ බලය පමණි.මේ දෙදෙනාම ශ්‍රී ලාංකීය වාම දේශපාලනය හා ජාතිකවාදී දේශපාලනය මත පදනම් වූ දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නගන බව ප්‍රකශ කරමින් සිටිති.මේ දෙදෙනා අතරින් තරුණ පිරිස් ආකර්ෂණය කර ගැනීමේදී නාමල්ට වඩා වැඩි අවස්තාවක් උවිඳුට තිබේ.නමුත් ප්‍රමාණවත් මූල්‍ය පසුබිමක් නොමැතිවීම වැනි ඔහුගේ දේශපාලන ව්‍යාපාරයට ඇති ප්‍රායෝගික සීමාවන් නිසා ඊට බාධා පවතී.නාමල් මූල්‍ය පහසුකම් අතින් උවිඳුට වඩා වාසිදායක වුණත් ඔහුගේ දේශපාලන පක්ෂයට ඇති විවිධාකාර චෝදනා තරුණ පිරිස් වල ආකර්ශණයට අහිත කර ලෙස බලපානු ඇත.විශේෂයෙන් ඔහු තැන නොතැන නොබලා උර දරා හිඳින පරම්පරා සාටකය ඔහුට නූතන තරුණ පෙළට ළංවීමට බාධාකාරී “බැරියරයක්” බව පෙනෙයි.නාමල් පසුගිය ජනපතිවරණයේ දී පරම්පරා සාටකය යොදා ගත්තේ එය තම පියාගේ වීරත්වය හා සබැඳි ජයග්‍රහණයේ සංකේතය සේ සලකා වන්නට පුළුවන එහෙත් එම පළඳනාව මේ නූතන සමාජය හමුවේ වලංගු ද යන්න මෙවර ජනපතිවරණ ප්‍රතිඵලයෙන් නාමල්ට උස්මුරුත්තාවටම වැටහෙන්නට ඇත.

උවිඳු විජේවීර

දැනට විකල්ප දේශපාලන බලවේග ලෙස මතු වීමට උත්සාහකරන දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ හා උවිඳු විජේවීර තිදෙනාම වාමවාදී හා ජාතිකවාදී දේශපාලන බලවේග ඒකරාශී කිරීමේ උත්සාහයක නිරතවෙන බව පෙනීමෙන් ඒ එකි`නෙකා අතර යම් ආකාරයක තරඟ කාරිත්වයක් ද මතුවෙනු ඇත.ඒ අතර මෙරට නව ලිබරල්වාදී දේශපාලන කඳවුරට නව නායකත්වයක් බිහිවන බවක් පෙනෙන්නට වත් නැත.රනිල් වික්‍රමසිංහ ගේ නව ලිබරල්වාදී නායකත්වය ඉදිරියට ගෙන යාමට සමත් කිසිවෙක් ඔහුගේ කඳවුරේ දැනට නැත.රටේ ආර්ථික අර්බුදයට පිළියම ලෙස හඳුන්වාදී ඇති අයි එම් එෆ් වැඩ පිළිවෙල දහසකුත් එකක් බාධා හමුවේ සාර්ථතකව දියත් කළ හැකි වන්නේ නව ලිබරල් දේශපාලන කඳවුරට ය. දැනටම රාජ්‍ය බලය අත්පත් කරගෙන සිටින ජාතික ජන බලවේගයට පදනම් වූ දේශපාලන ව්‍යාපාරයේ මතවාද කුමක් වුවත් මේ ආර්ථික වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමේ වගකීම දැන් පැවරී ඇත්තේ ජාතික ජන බලවේගයට ය.මේ ආර්ථික වැඩපිළිවෙලේ ඇතිවන සුලු චලනයන් පවා අපේ පවතින ආර්ථික තත්වයට බරපතල අහිතකර බලපෑම් ඇතිකරනු ඇත.එබැවින් ආර්ථිකය කළමණාකරණය කිරීම සඳහා ජතික ජන බලවේගයට යම් ආකාරයක නව ලිබරල් ස්වරූපයේ පාලනයක් ගෙන යාමට සිදුව ඇත.එවිට විරුද්ධ පක්ෂයේ ඉහත බලවේගවලින් එල්ල වන ප්‍රබල ප්‍රහාර වලට මුහුණ දීමට වත්මන් පාලනයට ද සිදුවනු ඇත.දැනටමත් නාමල් රාජපක්ෂ හොරු ඇල්ලීමේ ජාතික ජන බලවේග පොරොන්දුව සිහිපත් කරමින් ආණ්ඩුවට අභියෝග කිරීම ඇරඹී ඇත.නමුත් ඒ අරබයා ආණ්ඩුව නැගූ චෝදනා සත්‍ය බව ඔප්පු වුණොත් නාමල් ගේ දේශපාලනික වස්ත්‍රාභරණ සියල්ල ඉවත් කිරීමට හැකි වනු ඇත.එහෙත්, පසුගිය ජනපතිවරණ වේදිකාවල ඔවුන් ප්‍රධාන මාතෘකා බවට පත් කර ගත් ඒවා සත්‍ය බව ඔප්පු නොවුනණොත් එය ජාතික ජන බලවේගයට එරෙහි පාරා වළල්ලක්ම වනු ඇත.
හැටේ දශකයේ පරම්පරාවේ පාලනය දැන් ඇරඹී ඇති නිසා ඊට විකල්පය තීරණය කිරීමට මේ මහ මැතිවරණය යොදා ගැනීම හැර වෙන අරමුණක් ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂවලට තිබිය යුතු නැත.කෙසේ වුවත් පරිනාමීය සාධක මත වුව දැනට පවතින තත්වය අනුව හැටේ දශකයේ පරම්පරාවේ පාලනයට විකල්පය ගොඩ නැගිය හැක්කේ අසූව දශකයේ පරපුරට බව පැහැදිලි ය.ඒ අනුව වත්මන් ක්‍රියාකාරී දේශපාලන පක්ෂ එම අභියෝගයට කෙසේ මුහුණ දෙනු ඇත්දැයි අප විමසුම් සහගතව බලා සිටිය යුතු ය.

සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර