අනුරාධපුර දිස්ත්‍රික්කයේ වන අලි මිනිස් වන අලි ගැටුම ඉහළ යාමට ප්‍රධාන හේතුව එම දිස්ත්‍රික්කයේ ප්‍රධාන අලි මංකඩ පහම ආවරණය වන පරිදි විවිධ පුද්ගලයින් විසින් වගාබිම්, ව්‍යාපාරික ස්ථාන, ගොඩනැඟිලි ඉදිකිරීම් හා සුළු කර්මාන්තශාලා වැනි නොයෙකුත් ඉදිකිරීම් සිදු කර තිබීම නිසා බවට කරුණු අනාවරණය වී ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.මෙම අලිමංකඩ සියල්ලම ආවරණය වන පරිදි ඉදිකිරීම් සිදු කර තිබෙන නිසා වන අලින්ට තමන් පාරම්පරිකව ගමන් ගත් මංපෙත් ඔස්සේ නිදහසේ ගමන් කිරීමට නොහැකි වී ඇති අතර, එවැනි අවස්ථාවල දී ඔවුන් මිනිසුන්ට හා දේපලවලට පහර දී විනාශ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ පසුගිය සතියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනජීවී නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවක දීය. එම සාකච්ඡාවට සහභාගී වූ ගොවි නියෝජිතයින් තම වගාවන් වන අලින් විසින් විනාශ කිරීම පිළිබඳවත්, සතුන් විසින් හානි කිරීම නිසා වගා බිම්වලින් නිසි පරිදි ආදායමක් නොලැබෙන බවත් පෙන්වා දුන් අවස්ථාවේ ඇමති වරයා එසේ කීය.