අනුරාධපුර ජේතවනාරාම දාගැබේ අකුණු සන්නායකයේ තඹ තැටිය සොරකම් කිරීමට තැත් කිරීමේ සිද්ධියට එම ජාවාරමේ මහ මොළකරුවකු බව පැවසෙන රූපවාහිනී නාලිකාවක රියැලිටි තරගයකට සහභාගී වී අවසාන කීප දෙනා අතරට තේරී පත්වී ඡයගත් පොළොන්නරුව කාලිංග ඇල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ප්‍රසිද්ධ ගායකයකු ඇතුළු සැකකරුවන් පස් දෙනකු අකුණු සන්නායකයේ භූගත ප්‍රතිරෝධය පරීක්ෂා කරන කරන උපාංගයක් , නවීන මෝටර් රථයක් සහ ස්මාර්ට් ජංගම දුරකථන පහක් ද සමඟ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර උඩමළුව පොලිසිය පවසයි.ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කර රැගෙන යාමට පැමිණි බව කියන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී මෙම සැක කරුවන් අත් අඩංගුවට ගෙන ඇත.එම තඹ තැටි පිළිබඳව සමාජයේ පැතිර යන මිථ්‍යා විශ්වාසයක් මත පදනම් ව එය රුපියල් කෝටි 500කට පමණ මුදලකට විකිණීමට සූදානම්ව සිට තිබේ.එම ගායකයා ඇතුළුව මෙලෙස අත් අඩංගුවට පත් ව ඇත්තේ කල් අඩිය පුත්තලම , මකුල් වැව, වැල්ලව, බඩල්ගම මීරිගම , යටි ගහගල, මහනුවර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23, 32, 35 සහ 56 වියේ පසු වන පුද්ගලයන් බව පොලිසිය පවසයි.