අප්‍රේල් පාසල් නිවාඩුව ලැබෙන්නේ මෙහෙමයි

2023 පළමු පාසල් වාරයේ 1 වන අදියරේ පාසල් නිවාඩුව අප්‍රේල් 5 වන දා සිට 16 දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අනතුරුව පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 17 වන සඳුදා ආරම්භ වීමට නියමිත අතර එම අදියර මැයි 12 වන සිකුරාදා දක්වා පැවැත්වේ.

දෙවන අදියරේ නිවාඩුව සාමාන්‍ය පෙළ විභාගය සඳහා මැයි 13 වන දින සිට මැයි 24 වන දා දක්වා ක්‍රියාත්මක කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.

එම අමාත්‍යංශය සඳහන් කළේ, පළමු පාසල් වාරයේ තෙවන අදියර මැයි 25 වන බ්‍රහස්පතින්දා සිට ජූලි 20 බ්‍රහස්පතින්දා දක්වා ක්‍රියාත්මක කෙරෙන බව ය.

පසුව තෙවන අදියරේ නිවාඩුව ජූලි 21 වන දා සිට ජූලි 23 වන දා දක්වා ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරට ත් පැවසීය.

කාලීන පුවත්