අපේක්ෂකයන්ට දැරිය හැකි මුදල් ගැන පැෆරල් සංවිධාන කියයි

මෙවර මහ මැතිවරණයේදී ඒ ඒ දිස්ත්‍රික් අනුව එක් අපේක්ෂකයකුට ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 115 ත් අවම මුදල රුපියල් 82 ත් අතර වනු ඇති බව සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

ඒ අනුව එක් ඡන්දායකයෙකු වෙනුවෙන් උපරිම මුදලක් වියදම් කළ හැකි දිස්ත්‍රික්කය ගම්පහ සහ කොළඹ වන බවත් එම දිස්ත්‍රික්කවල අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් ලක්ෂ පනස් අටකට ආසන්න බවත් එම දිස්ත්‍රික්කය වෙනුවෙන් පක්ෂයකට වැය කළ හැකි උපරිම මුදල රුපියල් ලක්ෂ හයසියයකට ආසන්න වන බවත් ඔහු පැවසීය.

එසේම අවම මුදලක් එක් අපේක්ෂකයකුට වියදම් කළ හැකි දිස්ත්‍රික්කය වනුයේ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය වන අතර එම දිස්ත්‍රික්කයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් හාරදහසකට ආසන්නවේ.

කාලීන පුවත්