අපේ රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් බාහිර අත පෙවීම් ප්‍රතික්ෂේප කරනවා

කිසිදු බාහිර යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට මැදිහත්වීම ප්‍රතික්ෂේප කරන්නේ යැයි විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඊයේ (සැප්. 12) පැවසීය.ව්‍යවස්ථා රාමුව තුළ සත්‍යය හෙළි කිරීමේ යාන්ත්‍රණයක් පිහිටුවීමට රජය අපේක්ෂා කරන්නේ යැයි ද ජාත්‍යන්තර පිළිගැනීම්වලට අනුකූලව නව ජාතික ආරක්ෂක නීතියක් පිහිටුවන්නේ යැයි ද අලි සබ්‍රි මහතා කීය.සමාජ ආර්ථික දුෂ්කරතාවලට ගොදුරු වී ඇති පුද්ගලයන් ගැන ලංකා රජය සැලකිලිමත් වී ඇතැයි ද ඔවුන්ට ජීවත්වීමට අවශ්‍ය සැපයුම් සඳහා බහුවිධ ක්‍රියාවලියක් ආරම්භ කර ඇතැයි ද ඔහු කීය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වූ නිලධාරි මට්ටමේ සාකච්ඡාවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රවේශයක් ලබා ගෙන ඇතැයි කී ඇමතිවරයා ස්වාධීන අභ්‍යන්තර ආයතන මගින් මානව හිමිකම් හා සංහිඳියාව ආරක්ෂා කිරීමට ලංකාව දැඩි ලෙස බැඳී සිටින්නේ යැයි ද පැවසීය.විදේශ කටයුතු ඇමැති වරයා මෙම අදහස් පළ කළේ සැසිවාරය ආරම්භයේ දෙවන අංගය ලෙස ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සාකච්ඡාවට ලක් වූ අවස්ථාවේ ය.

කාලීන පුවත්