වානිජමය වශයෙන් අම්පාර දිස්ත්රිකයේ මෙවර කහ වගා කළ ගොවීන්ට පොහොර ගැටලුව හේතුවෙන් නිසි අස්වැන්නක් ලබා ගත නොහැකි වී තිබේ.නාමල්ගම අම්පාර ගොවීන් අක්කර දහසක පමණ කහ වගා කොට ඇති අතර නිසි පොහොර නොලැබීමෙන් මෙවර කහ ගස් වල ඇත්තේ මුල් පමණක් බව ඔවුහු පෙන්වා දෙති.එබැවින් මේ වන විටත් වෙළඳපලේ කහ කුඩු අධික මිලකට අලෙවි වන බැවින් තමන්ට හා තමන්ට සිදු වූ අලාභය සළකා කහ කිලෝවක් සඳහා අවම වශයෙන් රුපියල් 300-400 අතර මිලක් ලබා දෙන ලෙස නාමල්ගම කහ ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.