අයිටීඑන් තුලාව සහ දේශපාලන මුලාව

vinivida

පසුගිය 6 වන දා රාත්‍රී අයිටීඑන් නාලිකාවේ “තුලාව” වැඩසටහනින් විකාශය කිරීමට සූදානම් කොට තිබූ සජිත් ප්‍රේමදාස- අනුර කුමාර දිසානායක අතර සජීවී විවාදයට අනුර කුමාර ආවත් සජිත් ප්‍රේමදාස නොපැමිණීම නිසා සමාජ මාධ්‍ය තුළ ‘සජිත් බියගුල්ලෙක්’ ලෙස හඳුන්වමින් විවිධ අදහස් පළවනු දක්නට තිබේ.නමුත් ඔහු මෙම විවාදයට නොපැමිණීමට හේතු ලෙස සමගි ජනබලවේගයේ නලින් බණ්ඩාර මුලින් ආර්ථික කමිටු විවාදයට හා දෙවනුව නායක විවාදයට එකඟවී තිබියදී නායක විවාදය මුලට ගැනීම නිසා සජිත් ප්‍රේමදාස ඊට සහභාගී නොවන බව අයිටීඑන් රූපවාහිනියට ලිඛිතව දන්වා තිබුණි.ඔහු එදින සවස සමගි ජන බලවේගය අයිටීඑන් රූපවාහිනී සේවයට දැනුම් දී තිබුණේ, ආර්ථික කමිටු විවාදය පළමුවත් නායකත්ව විවාදය දෙවනුවත් පැවැත්වීමට සමගි ජන බලවේගයෙන් පූර්ව කොන්දේසියක් තිබූ බවත් ඒ වන විට එය කඩ වී ඇති බවත් ය.ඒ අනුව පසුගිය 6 වන දා රාත්‍රී අයිටීඑන් නාලිකාවට සජිත් නැතිව අනුර පමණක් පැමිණ නිවේදක සුදර්මන් රදැලියගොඩ සමඟ සජීවී සාකච්ඡා වැඩසටහනක් පවත්වනු දක්නා ලදී.නලින් බණ්ඩාර ගේ ප්‍රකාශය කුමක් වුව සජිත් මෙම විවාදයට නොපැමිණියේ කුමක් නිසා ද යන්න අපි නිශ්චිතව නොදනිමු.

සදාචාරාත්මක පසුබිමක් සහිත ජනමාධ්‍ය ආයතනයක් නම් අයිටීඑන් නාලිකාව කළ යුතුව තිබුණේ සජිත් ගේ එම දැනුම් දීම තම ප්‍රේක්ෂකයන් වෙත දන්වා එම “තුලාව” සජීවී වැඩසටහන විකාශය නොවන බව ප්‍රචාරය කිරීම ය.ඒ වෙනුවට තුලාව මුලාවක් කොට ජනතාව අතරට ගෙන ඒම නොවේ.එමෙන්ම එම වාදයට තම ප්‍රතිමල්ලවයා නොපැමිණෙන බව තහවුරු වූ පසුවත් අනුර කුමාර එම මැදිරියට වී සජිත් එනතෙක් “බොරුවට කල් මැරීම” ද බුද්ධිමත් සමාජය කෙසේවත් අනුමත කරන්නක් නොවේ. එය අනුර කුමාර සුදර්මන් රදැලියගොඩ නම් ආන්දෝලනාත්මක චරිතය හා එක්ව කළ එම ඉදිරිපත් කිරීම පාලු ගෙයි වළං බිඳීමක් වැනි වීර ක්‍රියාවක් සේ යමකුට හැඟී යා හැක.

එහෙත්, සදාචාරාත්මක පසුබිමක් සහිත ජනමාධ්‍ය ආයතනයක් නම් අයිටීඑන් නාලිකාව කළ යුතුව තිබුණේ සජිත් ගේ එම දැනුම් දීම තම ප්‍රේක්ෂකයන් වෙත දන්වා එම “තුලාව” සජීවී වැඩසටහන විකාශය නොවන බව ප්‍රචාරය කිරීම ය.ඒ වෙනුවට තුලාව මුලාවක් කොට ජනතාව අතරට ගෙන ඒම නොවේ.එමෙන්ම එම වාදයට තම ප්‍රතිමල්ලවයා නොපැමිණෙන බව තහවුරු වූ පසුවත් අනුර කුමාර එම මැදිරියට වී සජිත් එනතෙක් “බොරුවට කල් මැරීම” ද බුද්ධිමත් සමාජය කෙසේවත් අනුමත කරන්නක් නොවේ. එය අනුර කුමාර සුදර්මන් රදැලියගොඩ නම් ආන්දෝලනාත්මක චරිතය හා එක්ව කළ එම ඉදිරිපත් කිරීම පාලු ගෙයි වළං බිඳීමක් වැනි වීර ක්‍රියාවක් සේ යමකුට හැඟී යා හැක.ඒ අනුව වාදයට නොපැමිණෙන බව තහවුරු කළ සජිත් ප්‍රේමදාස පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් එහි අසුනක් හිස්ව තබා අනුර කුමාර දිසානායක පමණක් සහභාගී වන විවාදයක් නොවන තුලාව වැඩ සටහන බුද්ධිමත් සමාජය හමුවේ කළ කෝලිත්තමක් නොඉක්මවන බව අප ගේ වැටහීම ය.ඒ අතර සජිත් ප්‍රේමදාසට තමන් සමඟ විවාදයකට පැමිණිය නොහැකි නම් තනිව හෝ රූපවාහිනී සංවාදයකට ඔහුට ඇරයුම් කරන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අයිටීඑන් වෙතින් ඉල්ලා සිටීම ද විශේෂ අවධානයට ලක් විය යුත්තකි.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ඉකුත් 08 වන දා හලාවතදී “දියඹ දිනන ජන රැල්ල” මැයෙන් පැවති සමඟි ධීවර බලවේගයේ සමුළුව අමතමින් ඒ පිළිබඳව අදහස් දක්වා තිබේ.රතු පාට විප්ලවවාදීන් මේ වන විට රතු අලි මල්ලිලා බවට පත්ව ඇති බවත් මේ රතු අලි මල්ලිලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ඩීල් දමා තමන්ට රාජ්‍ය රූපවාහිනී නාලිකාවක විවාදයට එන්නැයි පවසන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඔහු එහි දී කියා තිබේ.විපක්ෂ නායකවරයා සඳහන් කරනුයේ ආර්ථික කමිටු විවාදයට සමගි ජන බලවේගය ආරාධනා කළ විට ආර්ථික කමිටුවක් නොමැති ජනතා විමුක්ති පෙරමුණ ඉන් පළා ගොස් නායකයන්ගේ විවාදයක් ගැන කයිවාරු ගසමින් යන බවකි.එමෙන්ම ආර්ථික කණ්ඩයමේ විවාදය හා නායකයන්ගේ විවාදය යන දෙකටම එකවර දින දෙකක් යොදා ගත යුතු බවකි.විවාද ගැන කියද්දී රතු අලි පැටවුන්ගේ නායකයා වන ජනාධිපතිවරයා ළඟට ගොස් ඇවිටිලි කර පසුගිය දා රාජ්‍ය නාලිකාවක නාඩගම් නැටූ බව පැවසූ සජිත් ප්‍රේමදාස ඔවුන්ට රටේ ආර්ථිකය ගොඩ නැංවිය හැකි වැඩ පිළිවෙලක් හෝ කණ්ඩායමක් නොමැති බවත් කීය. නමුත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට ඒ සඳහා සුවිශාල වැඩ කොටසක් ඉටු කර ඇති බවත් එම නිසා තරඟයට වැඩ කිරීමට ඕනෑම අවස්ථාවක තමා සූදානම් බවත් සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.රට බංකොලොත් වී ඇති මොහොතක රට ගොඩගත හැක්කේ කාටද කියා දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇති බවත් රට බංකොලොත් වී රටට ඩොලර් නැති වී ඇති මේ මොහොතේ කයිවාරු ගහන රතු අලි පැටවුන්ට ආර්ථික කණ්ඩායමක් හා වැඩපිළිවෙළක් පවා නොමැති බවත් එම නිසා ඔවුන් එම විවාදයට එන්නේ නැති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ ය.

පවත්නා ආණ්ඩු වලට රෙදි නැතිව කඩේ ගිය බවක් බොහෝ දෙනකු පවසන අයිටීඑන් රූපවාහිනිය ජනතා විමුක්ති පෙරමුණ සමඟ පවත්වන මෙම ඇඟෑලුම්කම තුළ සජිත් ප්‍රේමදාස ගේ රතු අලි කතාව කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලනික උපාය මාර්ග ගැන තව දුරටත් සිතන්නට අප පොළඹවනු ඇත.මක් නිසා ද යත් සජිත් ප්‍රේමදාසට දිගට හරහර පහර දෙමින් සිටිය දී අධිකරණය මඟින් පාර්ලිමේන්තුවෙන් නෙරපන ලද රට සංවර්ධනය කළ හැක්කේ දුරාචාර ආර්ථිකයකින් පමණක් බව දිවා රෑ දෙකේම කියමින් සිටි ඩයනා ගමගේ නම් ගිනි කිකිළිය රණ මොණරියක ලෙස හුවා දැක්වීමේ වික්‍රමසිංහගේ වික්‍රමය දැන් ගම්බද කොල්ලන් කුරුට්ටන් පවා දන්නා බැවිනි.

රටේ අනාගත යහපත උදෙසා නිශ්චිත වැඩ පිළිවෙලක් ඇති පක්ෂයකට එය පැයකින් හමාරකින් කියා නිම කළ නොහැක.එය හරියට පැරණි තුම්පනේ ජන කතාවකට අනුව එහි ගැමියකු මුහුද නොදුටු ගැමියන්ට මුහුද දැක බලා ගැනීමට මුහුදු ජලය ටිකක් බෝතලයකට ගෙන ගොස් එය මුහුද සේ දැක්වීමක් සේ ය.අනෙක යම් පක්ෂයක් හෝ පක්ෂ නායකයකු සතුව එවැනි තිරසාර වැඩ සටහනක් තිබීම සහ ව්‍යක්ත ලෙස එය පැහැදිලි කිරීමේ හැකියාව එකක් නොව දෙකකි.පොල් තෙල් ස්වල්පයකට කුමක් හෝ සුවඳක් කවා එය හිමාලයෙන් ගෙනා සර්ව රෝග නිවාරණ තෙලක් ලෙස හඳුන්වමින් පච ගස් යට අලෙවි කරන වෙළෙන්දන් ගේ බේගල් ඇසූ විට ඒ තෙලේ බලය හමුවේ රජයේ ලියාපදිංචි දොස්තරලා සහ වෙද්දුන් මොක්කුන් දැයි යමකුට හැඟී යා හැක.අප රටේ දේශපාලන ක්ෂේත්‍රය ද එවැනි “තෙල් බෙදීම්” සම්බන්ධ පාරාදීසයකි.ඒ තත්වය කෙසේ වුවද ආර්ථික කමිටු විවාදය යකාට දමා අනුර කුමාර සමඟ හිටිවන විවාදයට සජිත් ප්‍රේමදාස පැමිණියේ නම් ඔවුන් ගේ දේශපාලන ප්‍රතිපත්ති කෙසේ වෙතත් ව්‍යක්ත බව මුකරි කම ගැන හෝ යම් නිගමනයකට එන්නට ජනතාවට හැකියාවක් තිබිණ.

එහෙත්, පවත්නා ආණ්ඩු වලට රෙදි නැතිව කඩේ ගිය බවක් බොහෝ දෙනකු පවසන අයිටීඑන් රූපවාහිනිය ජනතා විමුක්ති පෙරමුණ සමඟ පවත්වන මෙම ඇඟෑලුම්කම තුළ සජිත් ප්‍රේමදාස ගේ රතු අලි කතාව කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලනික උපාය මාර්ග ගැන තව දුරටත් සිතන්නට අප පොළඹවනු ඇත.මක් නිසා ද යත් සජිත් ප්‍රේමදාසට දිගට හරහර පහර දෙමින් සිටිය දී අධිකරණය මඟින් පාර්ලිමේන්තුවෙන් නෙරපන ලද රට සංවර්ධනය කළ හැක්කේ දුරාචාර ආර්ථිකයකින් පමණක් බව දිවා රෑ දෙකේම කියමින් සිටි ඩයනා ගමගේ නම් ගිනි කිකිළිය රණ මොණරියක ලෙස හුවා දැක්වීමේ වික්‍රමසිංහගේ වික්‍රමය දැන් ගම්බද කොල්ලන් කුරුට්ටන් පවා දන්නා බැවිනි.ඒ කෙසේ හෝ ස්වාධීන රූපවාහිනී නාලිකාවේ “තුලාව” වැඩසටහනින් සජිත් ප්‍රේමදාස හා මුහුණට මුහුණ වාද කරනු වෙනුවට ඔහු ඊට නො එන බව දැන උදාරම් හඬ පෑ අනුර කුමාරගේ එම ක්‍රියාව මුල් කොට රසවත් ජන කතාවක් අපේ මතකයට නැඟේ.

එක් ගමක කුකුළු නාම්බෝ දෙදෙනෙක් කිකිළියක හිමි කර ගැනීමට පොර වැදුණහ.ඉන් ප්‍රබල කුකුළු නාම්බා දිනූ අතර පරාජයට පත් දුබල කුකුළු නාම්බා පණ බේරා ගැනීමට පිදුරු මඩුවක් යටට රිංගා ගත්තේ ය.එවිට තම ජයග්‍රහණයෙන් උද්දාමයට පත් සටනින් දිනූ කුකුළු නාම්බා ඒ පිදුරු මඩුව උඩට නැඟ තම ජයග්‍රහණය ලොවට පවසනු වස් මහ හඬින් තෙවරක් හැඬළී ය.එවිට ඒ මොහොතේ අහසේ පියාසර කරමින් සිටි උකුස්සකු එය දැක හනික පිදුරු මඩුව මත සිටි කුකුළු නාම්බා ඩැහැගෙන අහස් ගත විය.ඉන්පසු වටපිට බලා හීන් සීරුවේ පිදුරු මඩුව යටින් එළියට ආ පරාජිත කුකුළු නාම්බා නිතරඟයෙන්ම ඒ කිකිළිය හිමි කර ගත්තේ ය.මෙම උපමා කතාවේ එන උකුස්සා වත්මන් දේශපාලනයේ නැතැයි යමකුට සිතෙන්නට පුළුවන.එහෙත් දේශපාලන පාක්ෂිකයන් නොවන දේශපාලන රැස්වීම් ඉදිරියේ කටවල් ඇරගෙන බලා නොහිඳින නිදහස් ඡන්දදායකයන් බහුතරයක් මේ වන විටත් හිඳින බව වටහා ගත් විට ඒ උපමා උපමේය ද තේරුම් බේරුම් කර ගැනීමේ අසීරුවක් පැන නොනඟිනු ඇත.

හේමන්ත රණ්බණ්ඩාර

[email protected]

එතෙර - මෙතෙර