අයිශ්වර්යා අභිෂේක්ගෙන් දික්කසාද වෙයි ද?

අයිශ්වර්යා රායි සහ අභිෂේක් බච්චන් යනු බොලිවුඩයේ ඉහළම තලයේ වැජඹෙන නළු නිළි යුවළක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. කෙසේ නමුත් මේ දිනවල ඔවුන් ගැන පැතිරෙන ආරංචි නම් ඒ තරම් සතුටුදායක ඒවා නොවෙයි. ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතය තුළ ගැටලු පැන නැගී ඇති බවක් පෙනෙන්නට ඇතැයි ඉන්දීය මාධ්‍ය තුළ විශාල කසුකුසුවක් පැන නැගී තිබෙනවා. සමහර විට ඔවුන් දෙදෙනා දික්කසාද වීමට පවා ඉඩ ඇති බවටත් පසුගිය දිනවල අදහස් පළ වී තිබෙනු දැකිය හැකි වුණා.

මෙවැනි කටකතා පැතිරෙන්නට පටන් ගත්තේ පසුගිය කාලයේ මේ දෙදෙනා වැඩිය එකට දකින්නට නොමැති වීම නිසා යි. ඔවුන් සහභාගි වූ ප්‍රසිද්ධ උත්සව අවස්ථාවලට ද ඔවුන් වෙන වෙනම පැමිණ සිටින ආකාරය දැකිය හැකි වුණා. නිදසුනක් ලෙස, මෙයට මාස දෙක තුනකට පෙර පැවැති අනන්ත් අම්බානි- රාධිකා මර්චන්ට් දෙදෙනා ගේ විවාහ උත්සවයට ද අයිශ්වර්යා සහ අභිෂේක් පැමිණ සිටියේ වෙන වෙනම බවයි පැවසුණේ. අභිෂේක් ඔහුගේ මව්පියන් සමග ද අයිශ්වර්යා තනිවම ද පැමිණ සිටි බව සඳහන් වුණා.

මේ දෙදෙනාගේ විවාහය තුළ ගැටලු ඇති බවට සැක මතුවන්නට තවත් හේතුවක් වූයේ අයිශ්වර්යා පසුගිය කාලයේ ඇයගේ මංගල මුදුව නොපැළඳීම යි. මේ අතර අභිෂේක්ගේ පියා වන අමිතාභ් බච්චන් අයිශ්වර්යාගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවෙන් ඉවත් වී ඇති බවක් ද පැවසුණා.

අයිශ්වර්යා සහ බච්චන් පවුල අතර ගැටුමක් හටගෙන ඇති බවටත් කටකතා පළ වී තිබුණා. විශේෂයෙන් ඇය සහ ජයා බච්චන් අතර ගැටුමක් ඇති වී තිබෙන බවයි මෙම කටකතාවලින් පැවසුණේ.

අයිශ්වර්යා- අභිෂේක් දෙදෙනා ගේ විවාහ දිවිය ගැන මේ ආකාරයෙන් උණුසුම් ලෙස කටකතා පැතිරුණත් මේ දෙදෙනාගෙන් එක් අයෙකුවත් ඒ ගැන කිසිවක් පවසන්නට ඉදිරිපත් වුණේ නැහැ. ඔවුන් මේ කටකතා තහවුරු කළේවත්, ප්‍රතික්‍ෂේප කළේවත් නැහැ.

පසුගිය කාලයේ මංගල මුදුව නොපැළඳ සිටි බව පැවසුණු අයිශ්වර්යා මෙයට දින දෙක තුනකට පෙර නැවත එය පැළඳ සිටිනු දක්නට ලැබුණු බවක් මාධ්‍ය වාර්තා කර තිබුණා. පසුගිය දා ඇය ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන විලාසිතා දැක්මක ආරාධිතයකු ලෙස සහභාගි වී සිටි අතර මංගල මුදුව පැළඳ සිටිනු දැකගන්නට ලැබී තිබුණේ එහිදී යි. මෙම අවස්ථාවට අයිශ්වර්යා සහභාගි වී තිබුණේ ඇයගේ දියණිය ආරධ්‍යා ද සමග යි.කෙසේ නමුත් මෙම මුදුව ඇයගේ මංගල මුදුවම ද යන සැකය ද ඇතැමුන් මතු කර තිබෙනු දැකිය හැකි වුණා.

මේ අතර පසුගිය කාලයේ මංගල මුදුව නොපැළඳ සිටි බව පැවසුණු අයිශ්වර්යා මෙයට දින දෙක තුනකට පෙර නැවත එය පැළඳ සිටිනු දක්නට ලැබුණු බවක් මාධ්‍ය වාර්තා කර තිබුණා. පසුගිය දා ඇය ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන විලාසිතා දැක්මක ආරාධිතයකු ලෙස සහභාගි වී සිටි අතර මංගල මුදුව පැළඳ සිටිනු දැකගන්නට ලැබී තිබුණේ එහිදී යි. මෙම අවස්ථාවට අයිශ්වර්යා සහභාගි වී තිබුණේ ඇයගේ දියණිය ආරධ්‍යා ද සමග යි.

කෙසේ නමුත් මෙම මුදුව ඇයගේ මංගල මුදුවම ද යන සැකය ද ඇතැමුන් මතු කර තිබෙනු දැකිය හැකි වුණා.

අයිශ්වර්යා සහ අභිෂේක් විවාහ වුණේ 2007 වසරේ යි. ඔවුන් ගේ යුග දිවියට මේ වනවිට වසර 17 ක්. මේ දෙදෙනා මුල් වරට මුණ ගැසුණේ Dhaai Akshar Prem Ke නැමැති සිනමාපටයේ වැඩ කරමින් සිටියදී බවයි පැවසෙන්නේ. 2000 වසරේ තිරගත වූ මෙම චිත්‍රපටය සුන්දර ආදර කතාවක් රැගත් සිනමා නිර්මාණයක්. කෙසේ හෝ වේවා, ඔවුන්ගේ ඇසුර ආදර සම්බන්ධයක් බවට හැරුණේ Dhoom 2 චිත්‍රපටයේ වැඩ කළ කාලයේ බව සඳහන් වෙනවා. එය තිරගත වූයේ 2006 වසරේ යි.

අභිෂේක් අයිශ්වර්යා සමග පෙමින් බැඳෙන්නට කලින් කරිෂ්මා කපූර් සමග ආදර සම්බන්ධයක පැටලී සිටියා. ඔවුන් විවාහ වීමට පවා සූදානමින් සිටි බව ප්‍රසිද්ධ කාරණයක්. නමුත් එම කටයුත්ත නතර වී තිබුණේ විවාහයෙන් පසු බච්චන් පවුලේ මහගෙදර ජීවත් වීමට කරිෂ්මා කැමැත්තක් නොදැක්වීම නිසා බවට කතාවක් තිබෙනවා. මෙම සම්බන්ධය අවසන් වීමෙන් පසු කරිෂ්මා ව්‍යාපාරිකයකු වූ සන්ජේ කපූර් සමග විවාහ වුණා. නමුත් මේ වනවිට ඇය ඔහුගෙන් දික්කසාද වෙලයි ඉන්නේ.
අභිෂේක් සමග සම්බන්ධය පටන් ගන්නට පෙර අයිශ්වර්යා ද ආදර සබ`ඳතා කිහිපයක් පැවැත් වූවා. ඒ අතරින් ඇය සහ සල්මාන් ඛාන් අතර පැවැති සම්බන්ධය මාධ්‍ය තුළ මහත් අවධානයක් දිනාගත් ආදර කතාවක්. 1999 වසරේ ආරම්භ වූ මෙම සම්බන්ධය අවසන් වූයේ 2002 වසරේ යි. එයින් පසු අයිශ්වර්යා තවත් ජනප්‍රිය නළුවකු වූ විවේක් ඔබරෝයි සමගත් සම්බන්ධයක් පැවැත්වූවා. 2005 වසර දක්වා එම සම්බන්ධය පැවතුණා. ඇය කලක් රිතික් රොෂාන් සමග ද පෙමින් බැඳී සිටි බව පැවසෙනවා.

අයිශ්වර්යා අවසන් වරට සිනමාපටයක් තුළින් ප්‍රේක්‍ෂකයන් හමුවට ආවේ පසුගිය වසරේ තිරගත වූ ‘පොනියින් සෙල්වන් 2’ චිත්‍රපටයෙනු යි. මනි රත්නම් අධ්‍යක්‍ෂණය කළ මෙම සිනමාපටය සුවිසල් ජනප්‍රියත්වයක් හිමි කරගත් අතර සම්මානවලින් ද පිදුම් ලැබුවා. මෙම සිනමාපටයෙන් පසු අයිශ්වර්යා තවම කිසිදු අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වී නැහැ.

අභිෂේක් නම් අලුත් සිනමාපටයක රඟපෑමට නියමිතව සිටින බව පසුගිය දිනවල වාර්තා වුණා. ඒ King නැමැති සිනමාපටයේ යි. මෙය බොලිවුඩ් සිනමා ප්‍රේක්‍ෂකයන් මහත් බලාපොරොත්තු තබා සිටින සිනමාපටයක් බවත් සඳහන් කළ යුතුයි. එයට එක් හේතුවක් නම් මෙය සුපිරි නළු ෂාරුක් ඛාන් ඔහු ගේ දියණිය සුහානා සමග රඟපාන පළමු සිනමාපටය වීම යි. මෙහි අභිෂේක් රඟපාන්නේ දුෂ්ඨයකුගේ චරිතයක් බවත් පසුගිය දිනවල මාධ්‍ය සඳහන් කර තිබුණා.

නිහාල් පීරිස්

රසගඟුල