අරගලයේ නිරත පිරිස් කොළඹ 07 ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාවට පිවිස සජීවී වැඩසටහනකට සම්බන්ධ වන්නට ද උත්සාහ කොට ඇති අතර සංස්ථා බලධාරීන් අරගලකරුවන් දෙදෙනකුට එම අවස්ථාව ලබා දී ඇතැයි ද පැවසේ.නමුත් පසුව එහි විකාශන කටයුතු සඳහා සංස්ථාව සතු බලය හිමි කර ගැනීම පිණිස ඔවුන් උත්සාහ දරා ඇති අතර පාලනාධිකාරිය ඊට එකඟ වී නැත.ඉන් පසුව එම පිරිස විරෝධතාවක නියැලෙමින් සිටින අතර එම විරෝධතා හමුවේ ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු ද අත්හිටුවා ඇතැයි වාර්තා වේ.මේ වන විට රූපවාහිනී සංස්ථාවේ ආරක්ෂාව ද තර කර ඇත.