අරලිය ගහ මන්දිර ප්‍රහාරය ගැන අහන්න පොලීසියේ කීප දෙනෙක් සීඅයිඩියට

පසුගිය 09 වන දා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති පාක්ෂික හමුවක් නිමා වූ සැනින් ඒ සඳහා එක් වූ පිරිස අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ නිර්පාක්ෂික සාමකාමී උද්ඝෝකයන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම පිණිස පොලිස් නිලධාරීන් කිහිප දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. ඒ හිටපු අගමැති ආරක්ෂක අංශ අධ්‍යක්ෂ, කොල්ලූපිටිය පොලිස් ස්ථානාධිපති සහ අරලියගහ මන්දිරයේ පසුගිය දා පැවති හමුව සම්බන්ධීකරණය කළ නිලධාරියා වන අතර ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනකු පවසනුයේ අරලියගහ මන්දිරයේ පැවැති එම පාක්ෂික හමුවේ දර්ශන සමාජ ජාල මඟින් ද මේ වන විට ප්‍රචාරය වී ඇති බවය.

කාලීන පුවත්