අලි මිනිස් ගැටුම සියයට 90 කින් පමණ අවම කරගැනීමට අවශ්‍ය ක්‍රමවේදයකට ප්‍රවේශ වීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ජනතාව පදිංචිව සිටින අලිමංකඩ දහසයක ජනතාව ඉවත් කිරීමට බලාපොරොත්තු වන අතර ඉදිරි වසරේ ඉන් අලි මංකඩ තුනකින් ජනතාව ඉවත් කරවීමට කිරීමට කටයුතු කරන බව කී අමාත්‍ය වරයා මෙම අලි මංකඩ දහසය වන අලින් සඳහා විවර කළ පසු අලි මිනිස් ගැටුම 50% කින් අවම කර ගත හැකි බව ද කීය .ඉන් අපසු ඉදිරි කාලය තුළ අලි මිනිස් ගැටුම 90%කින් පිටු දකින ක්රමෝපායන් හඳුන්වා දෙන බව ද වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.