දැන් ඉතින් ඔන්න ආයෙත් ඔක්කොම එකතු වෙලා අලි ඇත්තු ගැන කතා කරනවා. ඒ අතරේ ඔන්න ඉතින් වෙනදා වගේම අලි ඇත්තු මැරෙනවා. සමහරු තැන් තැන්වල එක එක කතා කියනවා. ඒ කතාවලට සමහරු තැන් තැන්වල විරෝධතා දක්වනවා.අපිට වුවමනා ඇත්තටම දැන්වත් මේ පරිසරයේ පැවැත්ම රැකිලා සොබා දහමේ සුන්දරත්වය විඳින්න පුළුවන් පරිසරයක් සහිත අපූරු රටක් නිර්මාණය කරගන්න එක .අපේ රටේ සුන්දරත්වය රැකෙන වනාන්තර පද්ධතිය විනාශ කරනකොට සමහරු ඇහුවා, ඔක්සිජන් කන්නද කියලා, මෙහෙම ගියොත් කෑම කොහොම වුණත් ඔක්සිජන් ටිකකත් සල්ලි වලට ගන්නයි වෙන්නේ.
සමහර මිනිස්සු ගොවිතැන් කරන්නේ ඇගේ අමාරුවට නෙවෙයි තමන්ගෙ දරුමල්ලෝ පෝෂණය කරන්න. ඇතැම් වෙලාවට සොබා දහමේ විපත් නිසා බලාපොරොත්තු වෙච්ච අස්වැන්න ලැබෙන්නෙත් නෑ, කලින් කතාවේ හැටියට වන අලියත් වගා හානි කරන සතෙක්. අලි ඇත්තුන්ට මොන වගෙ ඉරණමක් අත්වෙයිද? ඉස්සර අලි හිටියේ කැලෑවල දැන් වන අලි ඉන්නේ ගම්මානවල.හේතුව මිනිස්සු කැලෑවල් ආක්‍රමණය කරලා. අපේ රට බෞද්ධ රටක් බව සැබෑවක් නමුත් මේ වෙනකොට රටේ කෘෂි ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන වන සතුන් විධිමත් අයුරකින් පාලනය කළ යුතුයි කියන තැන තමයි මමත් ඉන්නේ. නමුත් එතනදි වන අලියා කියන සතා පිළිබඳ මිනිස්සු විදිහට අපි ටිකක් මානුෂීයව හිතන්න ඕනෑ. මේ වෙනකොට රට ආර්ථිකය අතින් බින්දුවට වැටිලා තියෙන්නෙ. අපේ රට ආර්ථික අතින් ශක්තිමත් කරගන්න නම් රටට වන අලි ඉතා වැදගත් වෙනවා.
වගාවට හානි කරන්න එන වන සත්තුන්ට තමන්ට කැමති තීරණයක් ගන්න පුළුවන් කියලා කතාවක්. ඇහුණා.ඒ ප්‍රකාශයත් එක්ක සමහරු උද්දාමයෙන් සතුටින් ඉන්නවා දැන් අපිට ප්‍රශ්නය විසදුණා කියලා.ඒ අතරේ සමහරු විරෝධතා දක්වනවා. මේකත් අර කාලෙන් කාලෙට අපි බලපු නාට්‍ය වලම නව පරිච්ඡේදයක් විතරයි වගෙ.
මඤ්ඤොක්කා දඬු හිටෙව්වට පස්සේ අල හැදෙනකොටම ඌරු මීයෝ පොලව යටින් ඇවිල්ලා අල කනවා. රිලව්, වඳුරෝ, මොනරු, ඉත්තෑවෝ වල් ඌරෝ ගොවියන්ගේ වගාවල්වලට බරපතල හානි සිදු කරනවා. සමහර මිනිස්සු ගොවිතැන් කරන්නේ ඇගේ අමාරුවට නෙවෙයි තමන්ගෙ දරුමල්ලෝ පෝෂණය කරන්න. ඇතැම් වෙලාවට සොබා දහමේ විපත් නිසා බලාපොරොත්තු වෙච්ච අස්වැන්න ලැබෙන්නෙත් නෑ, කලින් කතාවේ හැටියට වන අලියත් වගා හානි කරන සතෙක්. අලි ඇත්තුන්ට මොන වගෙ ඉරණමක් අත්වෙයිද? ඉස්සර අලි හිටියේ කැලෑවල දැන් වන අලි ඉන්නේ ගම්මානවල.හේතුව මිනිස්සු කැලෑවල් ආක්‍රමණය කරලා. අපේ රට බෞද්ධ රටක් බව සැබෑවක් නමුත් මේ වෙනකොට රටේ කෘෂි ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන වන සතුන් විධිමත් අයුරකින් පාලනය කළ යුතුයි කියන තැන තමයි මමත් ඉන්නේ. නමුත් එතනදි වන අලියා කියන සතා පිළිබඳ මිනිස්සු විදිහට අපි ටිකක් මානුෂීයව හිතන්න ඕනෑ. මේ වෙනකොට රට ආර්ථිකය අතින් බින්දුවට වැටිලා තියෙන්නෙ. අපේ රට ආර්ථික අතින් ශක්තිමත් කරගන්න නම් රටට වන අලි ඉතා වැදගත් වෙනවා.
සමහරු අපේ රටට අලි වැඩියි කියලා කිව්වත් අපේ රටේ සමහර තැන් මේ වෙනකල් රැකිලා තිබුනේ මේ වන අලි නිසා. අලි හිටියෙ නැත්නම් අපේ රටේ වියලි කලාපෙ කඳු ටික, කැළෑ ටික ඉවරයි.විවිධ විදිහෙ ගොඩනැගිලි වලින් පුරවලා තියෙයි. රටේ උනුසුම වැඩි වෙලා මිනිස්සුත් මැරෙයි. මේ රට අයිති මිනිස්සුන්ටම විතර ද? අලියා කියලා කියන්නෙ මිනිසාට වගේම හොඳ බුද්ධි මට්ටමක් තියෙන සතෙක්. ඒ වගේම සෑහෙන දුරක් ආහාර හොයාගෙන ගමන් කරන සතෙක්.පටු භුමියක රඳවා තබා ගන්න අයිතියක් නෑ. රෙදි ඇන්දට, ගින්දරින් උයලා අපි කන්නෙත් ගහ කොල වල හැදෙන දේවල්, ඒ අතර සත්තු මරාගෙන මසුත් කනවා. මිනිස්සුන්ට වඩා අලින්ට පරිසරය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. අපේ රටේ සමහර සංවර්ධන ව්‍යාපෘති බොහෝමයක්ම සිදුකරන්නේ අපේ රටේ පරිසර පද්ධතිය සහ පරිසරයේ ජීවත්වන අනෙක් සතුන් ගැන නොසලකා හැරලා, කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය, එහෙම එකන්, බොහෝ ප්‍රදේශවල අලි මිනිස් ගැටුමක් නිර්මාණය වෙන්න මූලික හේතුවක් වුන ව්‍යාපෘතියක්.
මෑතකදී සිදු වෙච්ච සිදුවීම් ගත්තොත් මින්නේරිය ජලාශය ජලයෙන් පිරවීම,හම්බන්තොට ප්‍රදේශයේ අක්‍රමවත් ඉදිකිරීම් සහ වන අලි ගැවසෙන භූමියේ මිනිස් ක්‍රියාකාරකම්,අලි මිනිස් ගැටුම,එම ප්‍රදේශවල වර්ධනය වීමට හේතු. වයඹ වනජීවී කලාපය ගත්තොත් කලා වැව ජාතික වනෝද්‍යානයට අයත් වු. වැව් ඉස්මත්ත ජලයෙන් පුරවා තැබීම, නිසා අලි අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොටසකටත් කුරුණෑගල දිස්ත්‍රික්කයටත්,වැඩි වශයෙන් සංක්‍රමණය වීමට හේතු වුණා.
වන අලි ගමන් කරපු මාවත් ඇතැම් දේශපාලකයන්ගේ සහ හිතවතුන්ගේ වගා බිම් කරගෙන ඒවා වන අලින්ට අහිමිවුණා. මිනිස්සු හේන් වගා කරපු භුමිය තහනම් කළා මිනිස්සුන්ට, ගම්මාන ආශ්‍රිත ඒ හේන් කැලැ බවට පත් වුණා අලි ඇවිත් පදිංචි වු ණා. දැන් අලි ගම්මානවල වැව් කොටුවල තමයි නැවතිලා ඉන්නේ, අපි දැන් මොකද කරන් තියෙන්නෙ.
අපේ රටේ ඉන්න මේ ලස්සන අලි ඇත්තු පෙන්නලා අපේ රටට ඩොලර් හොයන්න පුළුවන්.ඒ සඳහා ද නිසි වැඩ පිළිවෙලක් හැදෙන්න ඕනෑ. සමහර ගම්වල මිනිස්සු අලි කරදරයක් විදියට දකින්නේ අලින්ගෙන් ඔවුන්ට සත පහක්වත් නොලැබෙන හින්දා. මහා කැලේට කෙළ හලන මිනිස්සු නම් මේ අලි ඔක්කොම උනත් මරලා දානවට කැමතියි. මිනිස්සුන්ගේ වගාවන් වලට හානි කරන අනෙක් සත්තු ක්‍රමවත් අයුරින් පාලනය කරන්න ඕන කියන තැන තමයි මමත් ඉන්නේ, ඒ අතරේ අලි ඇත්තුන්ට ඔවුන්ට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නිර්මාණය කරලා දීලා ඔවුන්ගෙන් රටට ආදායමක් ගන්න පුළුවන් විදියේ වැඩ සටහන් ක්‍රියාත්මක වෙන දවසට ගම්වල මිනිස්සු අලි ඇත්තුන්ගෙ සැබෑ වටිනාකම තේරුම් අරන් උන් ගැන ආදරයෙන් කතා කරයි.
කරන්න තියෙන්නෙ ඉතුරු වෙලා තියෙන කැලේ වන අලින්ට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් ලෙස , ඒ කැලෑ තුළ ජලය නැත්නම් ජලාශ නිර්මාණය කරලා සතුන්ට අහිතකර ශාක ඉවත් කරලා. අලි ගමන් කරපු මාර්ගවල වන අලින්ට ගමන් කරන්න බැරි විදියට තියෙන අවහිරතා ඉවත් කරලා, අලි කොටසක් අනිවාර්යෙන් ඒ කැලෑවලට යවන්න ඕනෑ. හේන් වගා බිම්වල සහ වැව් ආශ්‍රිතව ඉන්න වන අලින්ගෙන් කොටසක් මහ කැළේට යවන්න වෙනවා. ඒ වැඩේ ක්‍රමවත්ව කරන්නේ නැතුව හදිසියට දවසින් මාසෙන් කරන්න බෑ. මේ වෙලාවේ ඒ කැලෑ වලට අලි එලවන්න බෑ. අලි වෙඩි දහස් ගණන් පුච්චලා, හමුදාව දාලවත් අලි ගෙනියන්න බෑ. අලි යන්නෙ නෑ. යන් නැති හේතුව තමයි දැන් මේ ප්‍රදේශවල ඉන්න අලින් ගෙන් සියයට හැත්තෑවක් විතර මේ ප්‍රදේශවලම ඉපදුන වන අලි, ඔවුන්ගෙ උපන් බිම ගම දැන් ඉන්න තැන.ඔවුන් කැලේ ගැන දන්නෙ නෑ. අලියෙක් අවුරුදු 50 ජීවත් වෙන්නේ නෑ දැන්. අවුරුදු පනහකට වැඩිය වයස අලි සියකට එකෙක්වත් දැක ගන්න නැති තරම්.ගොඩක් ඉන්නේ පුංචි පැටවුන් සහ ගෑනු සතුන්. මිනිස් ක්‍රියාකාරකම් නිසා ගොඩක් වෙලාවට මිය යන්නේ වැඩි බහුතරයක් පිරිමි සතුන්. පැටවෙක් මාස 22 ක් අම්මගේ බඩේ ඉන්නවා, වසරකට හාරසීයක් විතර මිය යනවා. ඉතින් කොහොමද අපේ රටේ අලි වැඩි වෙන්නේ, අපේ රට අල්ල ගත්ත සුද්දෝ විනෝදෙටත් අලි ඇත්තු මරලා තියෙනවා. අපේ රටෙන් මිනිස්සුන්ට වගේම අයිතියක් අලි ඇත්තුන්ටත් තියෙනවා.
ඉතින් අපේ රටේ ඉන්න මේ ලස්සන අලි ඇත්තු පෙන්නලා අපේ රටට ඩොලර් හොයන්න පුළුවන්.ඒ සඳහා ද නිසි වැඩ පිළිවෙලක් හැදෙන්න ඕනෑ. සමහර ගම්වල මිනිස්සු අලි කරදරයක් විදියට දකින්නේ අලින්ගෙන් ඔවුන්ට සත පහක්වත් නොලැබෙන හින්දා. මහා කැලේට කෙළ හලන මිනිස්සු නම් මේ අලි ඔක්කොම උනත් මරලා දානවට කැමතියි. මිනිස්සුන්ගේ වගාවන් වලට හානි කරන අනෙක් සත්තු ක්‍රමවත් අයුරින් පාලනය කරන්න ඕන කියන තැන තමයි මමත් ඉන්නේ, ඒ අතරේ අලි ඇත්තුන්ට ඔවුන්ට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නිර්මාණය කරලා දීලා ඔවුන්ගෙන් රටට ආදායමක් ගන්න පුළුවන් විදියේ වැඩ සටහන් ක්‍රියාත්මක වෙන දවසට ගම්වල මිනිස්සු අලි ඇත්තුන්ගෙ සැබෑ වටිනාකම තේරුම් අරන් උන් ගැන ආදරයෙන් කතා කරයි.
ආර්.එම්.ජේ බණ්ඩාර