අලුත් අවුරුදු උත්සව සංවිධායකයින්ට පොලිසියෙන් දැනුම්දීමක්

අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධාන කෙරෙන විවිධ උත්සවවලදී ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

ඒ අනුව අලුත් අවුරුදු උත්සව හෝ සංගීත ප්‍රසංග පවත්වන විට ඒ ඒ පොලිස් බල ප්‍රදේශවලට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර අවුරුදු සඳහා වන වෙළඳ ප්‍රදර්ශන වලදීද පොලීසියේ සහය ලබාගන්න ලෙසත් එම සංවිධායකවරුන්ට දැනුම් දෙනු ලැබේ.

කාලීන පුවත්