දැනට විදෙස් ගමන් බලපත්ර නිකුත් කිරීම එක් දිනකට 1000කට සීමා කිරීමට සිදුව ඇති බැවින් පවත්නා තදබදය මඟහැරෙනු පිණිස නව ආරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්ර ලක්ෂ 50 ක් ඇණවුම් කර ඇති බවත් එම විදෙස් ගමන් බලපත්ර කඩිනමින් මෙරටට ලැබෙනු ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.ලබන 15 වැනිදා වන විට ඉන් පළමු ගමන් බලපත්ර 50,000ක් මෙරටට ලැබෙනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම විදෙස් ගමන් බලපත්ර ලැබීමෙන් අනතුරුව දැනට ඇතිව තිබෙන තදබදය මඟහැරෙනු ඇති බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.