අලුතෙන් එන ඉන්ධන සමාගම්වලට දැමු කොන්දේසි දෙකක් ඉවතට

ලංකාවේ ඉන්ධන පිරවුම්හල් විදෙස් සමාගම් තුනකට විකිණීම සම්බන්ධයෙන් සම්මත කරගත් ප්‍රධාන කොන්දේසි තුනෙන් දෙකක් ඉවත් කර නැවත කැබිනට් මණ්ඩල සන්දේශයක් සම්මත කර ගැනීමට අමාත්‍ය කංචන විජේසේකර කටයුතු කර ඇත.

මෙරට ඉන්ධන වෙළෙඳපොළට හඳුන්වා දෙන නව සමාගම් තුන තෙල් අලෙවියෙන් ලබන ආදායම වසරක් යනතුරු අමෙරිකානු ඩොලර් හෝ වෙනත් විදේශ මුදලකට පරිවර්තනය කිරීමට නොහැකි වන සේ කැබිනට් සන්දේශය පසුගිය මාර්තු (27) වැනිදා සම්මත කළේය.

එහෙත් පසුගිය මැයි (19) වැනිදා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සන්දේශයට පසුගිය (06) වැනිදා අනුමැතිය ලබා ගනිමින් එම කොන්දේසි ඉවත් කර ලැබෙන ආදායම කිසිදු සීමාවකින් තොරව විදේශ මුදල්වලට පරිවර්තනය කිරීමට ඉඩ ලබාදී ඇත.

තවද තෝරාගත් සැපැයුම්කරුවන් විසින් පුරස්කාර ගාස්තුවක් ලෙස මාසිකව ආනයනය කරන ඛනිජ තෙල් නිෂ්පාදනයන්හි මුළු මාසික විකුණුම් වටිනාකමෙන් සියයට 01%ක් අමාත්‍යාංශය හෝ නම් කරන ලද ආයතනයකට ගෙවිය යුතු බවට තිබු නියමය දෙවැනි සංශෝධනය ලෙස ඉවත් කර ඇත.

කාලීන පුවත්