ඇය ලක්ෂි තරංගනී අබේකෝන් ය. කිනම් හෝ කාරණාවක් මුල් කරගෙන මෙම සමාජය තුළ ජනප්‍රියත්වයේ හිණි පෙත්තට නැගි කාන්තාවක් හෝ පිරිමියෙක් පිළිබඳව සටහනක් තැබීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක් වුවත් ලක්ෂී අපේ රටෙහි එවැනි ජනප්‍රිය චරිතයක් නොවේ. නමුත් ඇය පිළිබඳව අපට මෙලෙස සටහනක් තබන්නට සිතුණේ මිනිසුන් පිළිබඳව නැවත නැවතත් සිතන්නට ඇය තුළින් අපට පෙළඹවීමක් ලැබෙන නිසාය.
මාතර දෙනිපිටිය, වරකාපිටියේ දොලගොඩ ලක්ෂි අදට ද ජීවත් වන ගම් පියසයි. ඇයට හය හතර තේරෙන්නට පටන් ගත් දා සිටම ඇගේ නිවසේ ඇය දුටු විශේෂත්වයක් තිබිණි. එනම් අසරණ සුනඛයන් හතර පස් දෙනෙකුවත් ඇගේ දෙමාපියන්ගේ කරුණාව ලැබ එම නිවසේ ඇති දැඩි වීමයි. ලක්ෂි ඇගේ දෙමාපියන්ට සිටි එකම දරුවා ය. සහෝදර සහෝදරියන් කිසිවෙකුත් නැතිව හැදී වැඩුණු ලක්ෂිගේ ජීවිතයේ ළමා වියේ සිටම හුදෙකලාව මකා දැමුවේ මෙම සුනඛ සගයන් ය.
ඇගේ පියා කළේ කුලී වැඩ ය. ඔහු කරන වැඩවලදී ඔහුගේ පසුපසින් හිඳ එම කුලී වැඩවලට සහායක් වෙමින් පවුල වෙනුවෙන් තව වැඩිපුර මුදලක් උපයා ගන්නට ඇගේ මව ඇපකැප වූවාය.
සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමෙන් පසු අධ්‍යාපනය අතහැර දැමූ ලක්ෂි අසල්වැසි නිවසක කාන්තාවකගේ කුඩා මැහුම් ව්‍යාපාරයකට සම්බන්ධ වූයේ කීයක් හෝ උපයා ගන්නට ය.
” කැත්ත උදැල්ල එක්ක හරි හරියට ඔට්ටු වෙලා ගෙදර එනකොට අතපය තලලා දැම්මා වගේ හරි මහන්සියි. ඒ හින්දා ඔය රස්සාව නවත්තලා හැන්දෑවට තියන දෙයක් රත් කරලා තියපන් දුවේ. සල්ලි හොයන වැඩේ තාත්තයි මමයි කරන්නම්”
අම්මා එලෙස පැවසු නිසා ඇය කෙරෙහි අනුකම්පාවෙන් ලක්ෂි තමා කළ රැකියාව නතර කර දැමුවාය. එදා සිට ලක්ෂි ගෙවා දැමුවේ දෙමාපියන් හවසට ගෙදර එනතුරු ගේ දොර බලා කියාගෙන ගත කරන ජීවිතයකි. ඒ අතර ඇගේ නිවසේ ඇති දැඩි වෙමින් සිටි සුනඛයන්ටත්, නොදුරු පාරේ වෙසෙන කෑම බීම අහිමි සුනඛයන් කිහිප දෙනෙකුටත් කෑම බීම ලබා දීම නොකඩවාම සිදු කළාය.
ලක්ෂිගේ මව රෝගාතුර වූයේ මේ කාලයේදීය. ඇයට ඔස්ටියෝපොරෝසිස් සහ පාකින්සන් යන රෝග දෙක ම වැළඳීම නිසා එක් තැන් වන තත්ත්වයට පත්විය. ඉන්පසු පියා, මවගේ තනියට ගෙදර නවත්වා ලක්ෂි ඔවුන්ගේ නිවසට තරමක් ආසන්නයේ පිහිටි ඇඟලුම් කම්හලක රැකියාවකට ගියාය. පාන්දරින් අවදි වී මව්පියන්ට උදේ සහ දිවා ආහාර ද සකසා රැකියාවට යන ලක්ෂි හැන්දෑවේ නැවත ගෙදර විත් රෑ කෑම සකස් කරයි. එක්තැන් වී හිඳින මවගේ දිනපතා ඉවත් කරන රෙදිපිළි ද සෝදයි. සුනඛයන්ගේ කෑම බීම ගැන ද සොයා බලයි. ඔවුන්ට අවශ්‍ය කරන මිල අඩු මාළු වෙළෙඳ පොළෙන් ගෙනැවිත් ඒවා ද සකස් කර ඔවුනට ආහාර දෙයි. මෙලෙස ඇය දෙමව්පියන් සහ නිවසේ ඇතිදැඩි වෙන සුනඛයන් දස දෙනෙකුත්, මහ පාරේ ඇගෙන් යැපෙන සුනඛයන් අට දෙනෙකුත් වෙනුවෙන් සිය ජීවිතයම කැප කළාය.
බොහෝ අසීරු දිවි පෙවෙතක් ගත කරමින් සිටි ඔවුන්ගේ ජීවිතය තවත් දුකට වැටුණේ ලක්ෂිගේ මවගේ මරණයත් සමගිනි. ඇය 2022 ජනවාරි 01 දින කොරෝනා රෝගයෙන් මිය ගියාය. ඉන්පසු පියා ගෙදර තනිකර ලක්ෂි රැකියාවට ගියේ ඔවුන්ට තිබූ එකම ආදායම් මාර්ගය ඇගේ රැකියාව වූ බැවිනි.
පියාට වෙනත් රෝගාබාධ කිසිවක් නො තිබුණත් අධික රුධිර පීඩනය සහ දණහිස්වල වේදනාව තිබිණි. නොයෙකුත් ප්‍රතිකාර ගත්තත් දණහිස්වල අමාරුව සුව වූයේ නැත. මේ රෝග තත්ත්වය නිසා ඔහු සැරයටියක් භාවිතා කළ අතර නිවසින් මිදුලට බැසීම පවා නතර කළේ දණහිස් අප්‍රාණික වී කිහිප වරක් බිම ඇදවැටුණු හෙයිනි.
නමුත් දිනක් ලක්ෂි වැඩ නිමවී නිවසට එනවිට පියා බිම ඇද වැටී කෑ ගැසීම නිසා අසල්වැසියන් කිහිප දෙනෙකු ඔහු ඔසවා ඇඳ මත තබා තිබිණි. ඇය පියාව මාතර රෝහලට ගෙන ගොස් නතර කළ අතර ඔහු සමීපයේ වාට්ටුවේ නතර කරන්නට කෙනෙක් නොසිටි නිසා ඇය රෝහල් කාර්ය කාර්යමණ්ඩලයේ විරෝධය පිළිබඳව පවා නොතකා පියාගේ තනියට දින තුනක් එම පිරිමි වාට්ටුවේ රැඳුනා ය.
මේ සිදුවීමත් සමගම ලක්ෂි ගේ පියා අංශභාග රෝගයෙන් එක්තැන් විය. ඇගේ ජීවිතයට වඩාත් දුර්භාග්‍ය සම්පන්න සමයක් උදා වූයේ ඉන්පසුව ය. පියාව තනිව දමා රැකියාවට යාමට ඇයට නොහැකි කමක් තිබිණි. නමුත් ඔහුගේ තනිවට තබන්නට ඇයට කිසිදු නෑදෑයකු සිටියේ නැත. එවකට ඇයට හිමි වී තිබූ රුපියල් තිස් දහසක පමණ මාසික වැටුපෙන් රුපියල් දසදහසක් ගෙවන පොරොන්දුව මත ඇය කිසිදු පවුල් බරක් නො තිබූ ඥාතීන් කිහිප දෙනෙකුටම කතා කර තමා රැකියාව කර ගෙදරට පැමිණෙන තෙක් පියා බලා ගන්නා ලෙස ඉල්ලා සිටියාය. ඒ කිසිවකුවත් ඇගේ කීම තඹදොයිතුවකටවත් මායිම් කර නොතිබුණි.
” අනේ ඔය බල්ලො ලගින ගෙවල්වලට අපට එන්න බෑ”
ඔවුන් හැම විටම වරද පවරා තිබුණේ කිසිවක් නොතේරෙන, තමාගේ නිදහස වෙනුවෙන් කිසිවක් කීමට හැකියාවක් නැති අසරණ සුනඛයන්ට ය. අවසානයේ රැකියාව හැර දමා ලක්ෂිකා නිවසේ නතර වූවාය. ඒ පසුගිය පෙබරවාරි මාසයේ ය. ඉන්පසු පියාවත් රැකගෙන සුනඛයන්ට ද කෑම බීම සපයා දී තමන්ගේ ද යැපීම වෙනුවෙන් ඇය නොවිඳිනා දුක් වින්දාය. වෙනදා කෙසේ හෝ දෙවේලක් කෑම කන සුනඛයන්ගේ කෑම එක වේලකට සීමා කරන්නට සිදුවිය. තමාට උදව් කරන ලෙස යමක් කමක් ඇති නෑදෑයන්ගෙන් කොතෙක් ඉල්ලා සිටියත් ඔවුන් කිසිවකුවත් ඇයට උපකාර කරන්නට ඉදිරිපත් වී නොතිබිණි.
” එයාට උදව් කරලා වැඩක් නෑ. එයා ඒවායින් කරන්නේ බල්ලන්ට කන්න දෙන එක. ඉතින් අපි මොකටද ඒගොල්ලන්ට උදව් කරන්නේ?”
නෑදෑයන් අත පිසදාගෙන තිබුණේ සුනඛයන් පිට සියලු වැරදි පටවමිනි.
සිංහල අවුරුදු දිනවලවත් තම පියාගේ සුවදුක් විමසන්නට නෑදෑයන් පැමිණේවී යැයි ලක්ෂි බලාපොරොත්තු වූවාය. නමුත් කිසිවකුවත් නිකමටවත් පැමිණියේ නැත. ඉන්පසු වෙසක් මුල් කරගෙන ඔවුන් කිසිවකු හෝ පැමිණ තමාට පියා වෙනුවෙන් උපකාර කරාවි යැයි ඇයගේ අපේක්ෂාවක් තිබිණි.
වෙසක් පුන් පෝ දිනයේ ලක්ෂිකාගේ පියා මිය පරලොව ගියේය. නමුත් කීප දෙනෙකු මිස වෙන කිසිවෙකුවත් එම මරණයට සහභාගී නොවූ අතර මරණයේ කටයුතු කිරීමට කිසිදු මුදලක් අත නොමැතිව සිටි ලක්ෂිට උපකාර කළේ එම ගමේ තරුණ පිරිස ය. ඔවුන් මුදල් එකතු කර ඒ අවසන් කටයුතු සියල්ල ඉටු කර දී හත් දවසේ දානයට ගැනීමටත් මුදලක් ලක්ෂි අත තබා තිබිණි. පියාගේ දේහය කරමත තබා ගෙන රැගෙන ගියේත් ඔවුන් ය.
දැන් ලක්ෂි තනිවී හිඳී. යළි රැකියාවකට යන්නට මූලික වියදමක් තබා ඇයටත්, සතුන්ටත් කෑමට යමක් ගන්නටවත් වත්කමක් ඇය සතුව නැත. යළි කෙසේ හෝ හිස ඔසවා ගන්නට රැකියාවකට යනතෙක් ටික දිනකට ඇය වෙනුවෙන් උපකාරයක් කරන්නට ඔබට හැකි නම් එය ලොකු පුන්‍ය කර්මයකි .
මේ ලක්ෂිගේ ගිණුම් අංකය
ලක්ෂි තරංගනී අබේකෝන්
මහජන බැංකුව
වැලිගම ශාඛාව
ගිණුම් අංකය
077200 1000 27 671
ලක්ෂි ගේ දුරකථන අංකය:0711504642
ඉන්දු පෙරේරා