හානිකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීමෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර තොගය තුන්වෙනි පාර්ශවයකින් යළි පරීක්ෂා කරන්නැයි, චීනය කළ ඉල්ලීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.චීන තානාපතිවරයා සහ පොහොර සමාගමේ නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් මෙම ඉල්ලීම කළ බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා ද තහවුරු කොට තිබේ.චීන තානාපතිවරයා සහ පොහොර සමාගමේ නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් මෙම ඉල්ලීම සිදු කරන්නේ කාබනික පොහොර මෙරටට රැගෙන එන ලද නෞකාව වරාය පරිශ්‍රයට ඇතුළු වීම වළක්වන්නැයි, හාබර් මාස්ටර්වරයා සියලු පාර්ශවවලට නියෝග කර ඇති පසුබිමකදී ය.