ආගමන හා විගමන දෙපාර්තමේන්තු කවුළුවේ දිගු පෝලිම්

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් ඇතුළු අනෙකුත් පුද්ගලයන්ට මාර්ගගත ක්‍රමයට (Online Visa) වීසා නිකුත් නොකිරීම හේතුවෙන්, වීසා ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු කවුළුවේ (On Arrivel Visa) දිගු පෝලිම් දක්නට ලැබේ.

ලංකාවට පිවිසීමට වීසා නිකුත් කිරීමේ කටයුතුවලින් වී.එෆ්.එස්. ග්ලෝබල් සමාගම ඉවත් කිරීමට සහ ගුවන් තොටුපොළ තුළ පැරණි ක්‍රමයට සාමාන්‍ය පරිදි වීසා නිකුත් කිරීම සිදු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 02 වැනිදා නිකුත් කළ නියෝගයක් නිකුත් කළේය.

එහෙත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ දක්වා පැරණි ක්‍රමයට සාමාන්‍ය පරිදි මාර්ගගත ක්‍රමයට වීසා ( Online Visa ) නිකුත් කිරීම ආරම්භ කර නොමැතිවීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වීසා ( On Arrivel Visa ) ලබා ගැනීම සඳහා දිගු පෝලිම් ඇති වී තිබේ.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයත් සමගම මාර්ගගත ක්‍රමයට වීසා නිකුත් කිරීම ඇණ හිටි අතර, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ඇතුළු සියලුම දෙනාට වීසා ලබාගැනීමට සිදුවී ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් පමණි.

කාලීන පුවත්