ආණ්ඩුවේ පක්ෂ පවා වර්ජනය කරන සර්ව පාක්ෂික සමුළුවට රනිල් යයි 23 වන බදාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එම පක්ෂයේ නායක හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඊට සහභාගි වන බව පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා කියයි. වික්රමසිංහ මහතා ඊට එක් වනුයේ ප්රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය,සේම ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ වන ලංකා කම්කරු කොංග්රසය සහ විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්රී කණ්ඩායම නියෝජනය කරන පක්ෂ පවා එම සමුළුව වර්ජනය කර තිබියදී ය.