වී අලෙවි මණ්ඩලය මඟින් රජය මිල දී ගන්නා වී කිලෝවක් සඳහා ගොවීනට ගෙවන මිල ගණන් අද(05) නිවේදනය කොට තිබේ.ඒ අනුව වියළි නාඩු වී කිලෝවක් රුපියල් 120කට ද සම්බා වී කිලෝවක් රුපියල් 125කට ද කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කට මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසීය. නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා ද මේ සඳහා එක්විය.