ආනයනික සම්බා කිලෝවක මිල රුපියල් දෙකකින් පහළට

ආනයනික සම්බා කිලෝවක මිල රුපියල් දෙකකින් පහළට සතොස මඟින් රුපියල් එකසිය තිහකට අලෙවි කළ ආනයනික සම්බා සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් දෙකකින් අඩුකිරීමට තීරණය කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය.ඒ අනුව මෙතෙක් රුපියල් එක සිය තිහක් වූ එම සහල් කිලෝවක නව මිල රුපියල් එකසිය විසි අටක් වනු ඇත.ඇමති වරයා සහල් තොග වෙළඳ පලේ තත්වය නිරීක්ෂණය කිරීම පිණිස අද(29)පිටකොටුවේ සංචාරයක ද නිරත විය.

කාලීන පුවත්