නොදන්වා සේවයට වාර්තා නොකළ යුද හමුදා නිලධාරීන් 21 දෙනෙකු සහ සෙසු නිලයන් 15,619 කට නිත්‍යනුකුලව ඉවත්වීමට තාවකාලික අස්වීම් ලබාදී තිබේ.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මහතා සඳහන් කළේ, යුද හමුදා ඉතිහාසය තුළ මෙතෙක් වාර්තා නොකළ සියලු නිලධාරීන්ට ඉවත්වීමට පසුගිය නොවැම්බර් මස 15 වැනි දා සිට ලබන 31 වැනි දා දක්වා පොදු සමා කාලයක් ලබා දී ඇති බවයි.
එම කාලය තුළ මෙතෙක් නොදන්වා සේවයට වාර්තා කර නොමැති ඕනැම යුද හමුදා සාමාජිකයෙකුට සේවයෙන් ඉවත්වීමට අවස්ථාව හිමි වේ.
මේ අතර නොදන්වා සේවයට වාර්තා නොකළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 1061 කට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 967 දෙනෙකුට ද නිත්‍යනුකුලව සේවයෙන් ඉවත් වීමට ලබන 31 වැනි දා දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.