ආරක්ෂාව තහවුරු වූ වහාම ගෝඨා ලංකාවට

දැනට තායිලන්තයේ හිඳින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව තුළ ආරක්ෂාකාරී තත්වයක් නිර්මාණය වූ වහාම නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි.එසේ පැමිණි පසු ඔහුට ආරක්ෂාව සැලසීමේ පහසුව තකා කොළඹ 07 මලලසේකර මාවතේ දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගේ නිල නිවසට යාබද නිල නිවස ලැබෙනු ඇතැ‍යි අපේක්ෂා කෙරේ.ඇමති වරුන්ගේ නිල නිවාස ලෙස භාවිතා කෙරෙන එම නිල නිවාස වලින් එකක් මේ වන විට ඇමති ධුරයක් නොදරන නාමල් රාජපක්ෂ මහතා භාවිතා කිරීම සමබන්ධයෙන් විවිධ පාර්ශව තුළ කතා බහක් මතු වී තිබේ.

කාලීන පුවත්