ආරුක්කු නවයේ පාලම මත සිනමා රූගත කිරීමක්;දුම්රිය ගමන් සීමා කෙරේ

ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි සුප්‍රකර ආරුක්කු නවය පාලම මත ඉන්දු ශ්‍රි ලංකා ඒකාබද්ධ සිනමා පටයක් රූගත කිරීම හේතුවෙන් අද (09) සිට ලබන 15 දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබේ.ඒ අනුව මෙම දිනයන්හි දී පෙරවරු 7.30 සිට පස්වරු 5.30 දක්වා කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් දුම්රිය ධාවනය සිදු කිරිමට නියමිත අතර නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන එන් ජේ ඉඳිපොළගේ මහතා පැවසුවේ අදාළ දිනවලදී කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථාන අතර දුම්රිය ගමන් වාර කිහිපයක් පමණක් අවලංගු කෙරෙන බවයි.මෙම කටයුත්ත සම්බන්ධයෙන් මේ වන විටත් මහජන විරෝධයක් පැන නැඟී ඇති අතර ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරෙන එම සිනමා පටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර සංචාරක ආකර්ෂණයක් ඇතිවන බැවින් ප්‍රවාහන අමාත්‍යංශයේ අනුමැතිය මත එම රූගත කිරීම් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

කාලීන පුවත්