ආරුක්කු නවය පාලම සහ දෙමෝදර රේල් ගැටය ආරක්ෂාවට නව වැඩපිළිවෙළක්

ඇල්ල ආරුක්කු නවය පාලම ආශ්‍රිත ප්‍රදේශයේ සංචාරක කළමනාකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය හා මධ්‍යම සංස්කෘතික අරමුදල අතර අවබෝධතා ගිවිසුමක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අත්සන් තබා තිබේ.

ලංකාව තුළ ප්‍රථම වරට ජාතික උරුම ස්ථානයක් ආශ්‍රිතව ගිලන් රථ සේවයක් මෙහිදී ආරම්භ කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතියේ දෙවන පියවර ලෙස දෙමෝදර දුම්රිය ස්ථානය ආශ්‍රිතවද සංචාරක කළමනාකරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනා වී තිබේ.

කාලීන පුවත්